පෞද්ලික අංශයට හැට පිරෙන තුරු විශ්‍රාම යමට අවහිර කරන පනතක්

පෞද්ලික අංශයට හැට පිරෙන තුරු විශ්‍රාම යමට අවහිර කරන පනතක්

පෞද්ගලික අංශයේ සේවකයන් වයස අවුරුදු හැට පිරෙන තුරු විශ්‍රාම යාම අවහිර කෙරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 09 වැනි අගහරුවාදා  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කොට ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.

මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණි.

බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර්  11 වැනි දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

උපදේශක කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේශ්, අශෝක ප්‍රියන්ත, වී. රාධක්‍රිෂ්ණන් සහභාගී වී ඇත.

02