රාජ්‍ය සේවකයින්ගේ කට වැසීීමේ සූදානමක්" ?

රාජ්‍ය සේවකයින්ගේ කට වැසීීමේ සූදානමක්" ?

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ් පිළිබඳ කළ විමසුමකදී දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා පවසා ඇත්තේ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රත්පත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන බවට නිරීක්ෂණය වී ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, නිකුත් කළ එම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යංශය දැනුම් දී ඇත.