අද - හෙට සෞඛ්‍යයේ වර්ජනයක් - රවී කුමුදේස්

ravi-kumudesh

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේනිතුවේදී කියනවා සෞඛ්‍ය සේවාවට වැටුප් විෂමතාවයක් තියනලු. සෞඛ්‍ය ලේකම් ඒක දන්නේ නැහැ.සෞඛ්‍ය ලේකම්ගෙන් සෞඛ්‍යයේ ගැටළු වලට කවදාවත් උත්තර නැහැ. සාකච්චාවක් කරලා තීරණ ගන්න හැටි, ප්‍රශ්ණයක් විසදා ගන්න හැටි ඇත්තටම එයා දන්නේ නැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටීයේ, අය වැයේදී මුදල් ඇමති කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මුලින්ම මැනලා බලන්න කියලා අපි අභියෝග කරනවා. රාජ්‍ය සේවය අකාර්‍යක්ෂමයිලු, ලොසින්ජර දෙන්නේ නෑලූ. මේ වගේ නිලධාරීන් පත් කරලා රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කරන්නේ කොහොමද ? රාජ්‍ය සේවාවේ ආකාර්යක්ෂම බවට මුලින්ම වග කියන්න ඕනේ ජනතා බදු මුදලෙන් නඩත්තු වෙමින්, නිවැරදි පාලනයක් නොකරන ආණ්ඩුව. ඊළගට ඒ අයගේ ගෝලබාලයෝ විදිහට සුදුසුකම් හැකියාවන් නැතුව පත් කරන නිලධාරීන්. එහෙම නැතුව සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය නෙවේ.

හරියට KPI දර්ශක වලින් මැන්නොත්, අමාත්‍යාංශ වලට ආණ්ඩුව පත් කරලා තියන බහුතර නිළධාරීන්ගේ වැටුප නැවත අය කර ගන්න වේවි. සෞඛ්‍ය ලේකම් වගේ ඉහල පුටු රත්කරමින් තීරණ නොගන්නා නිළධාරීන් හේතුවෙන් රටට අහිමි වන මුදල සුළු පටු නැහැ.

මේ තත්ත්වය තුළ රජයේ බලධාරීන් මෙතෙක් සාර්ථක සාකච්ඡාමය විසඳුම් ඉල්ලා සිටියත් ඒ සඳහා ක්‍රියාවලියකට අවතීර්ණ වී නොමැති බවත්, පහත ඉල්ලීම් මූලික කර ගනිමින් නොවැම්බර් 24 හා 25 දිනයන්හීදී යලි සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රවී කුමුදේස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට ඇතිවන කිසියම් පීඩාවක් වෙතොත් එහි වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතු බව ඒ මහතා පැවසීය.