විදුලි ඉංජිනෙරුවන් අකුරට වැඩ - රතු එළි පිට රතු එළි

විදුලි ඉංජිනෙරුවන් අකුරට වැඩ - රතු එළි පිට රතු එළි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ලදී.
 
ඒ කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළකරමිනි.
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,ඒ් පිළිබඳ මෙසේ කියා සිටියි.
 
"විදුලිබල පනත වෙනස් කරන්න හදනවා. ඒ හරහා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩනවා. යුගදනවි බලාගාරයේ 40%ක් දෙනවා වගේ විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණන්න හදන්නේ. ඊට පස්සේ කියයි ලක්ෂපාන විකුණනවා කියලා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා."
 
මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහිව දෙසැම්බර් 8 වන දින පවත්වනු ලබන විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීමක් අද විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී සිදු කෙරුණි.
 
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා, මෙසේ කියා සිටියි.
 
"මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි වරායේ අක්කර 13ක ඉඩම, ඒවයේ සේවාවන්, තෙල් ඒකාධිකාරිය ඉන්දීය ආණ්ඩුවට දෙන්න තමයි යන්නේ. IOC වෙනුවට වෙනත් සමාගමක් ගේන්න හදනවා. මෙය පරාජය කළ යුතුයි."