ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ “වසන්තය ඉවර වෙනවා“ කියන එකයි (VIDEO)

  • ගුවන් තොටුපලේ ඔමික්‍රෝන් වලට රටට ඇතුලු වෙන්න පාස්පෝට්, වීසා විතරයි දෙන්නේ නැත්තේ.
  • දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව සැලකිලිමත් නොවුණොත්, වසන්තය ඉවරවෙනවා නියතයි.
  • අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා.
  • ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ “වසන්තය ඉවර වෙනවා“ සත්තයි.
  • ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වාහම එය ඇරඹිය යුතුයි

B.1.1.529 ප්‍රභේදය 2021 නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් WHO වෙත ප්‍රථම වරට වාර්තා කරන ලදී. දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය වාර්තා වූ අවස්ථා වලදී වෙනස් උච්ච අවස්ථා තුනකින් සංලක්ෂිත වී ඇති අතර, එහි නවතම ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය විය. මෑත සතිවලදී, B.1.1.529 ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ආසාදන දැඩි ලෙස වැඩි වී ඇත. ප්‍රථම වරට තහවුරු කරන ලද B.1.1.529 ආසාදනය 2021 නොවැම්බර් 9 දින එකතු කරන ලද නියැදියකි.

මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇත, ඒවායින් සමහරක් ඉතා සුවිශේෂී වේ. අනෙකුත් ප්‍රභේද (VOC - Varient of Concern) වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික සාක්ෂි යෝජනා කරයි. මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ වැඩිවෙමින් පවතින බව පෙනේ. වත්මන් SARS-CoV-2 PCR රෝග විනිශ්චය මෙම ප්‍රභේදය දිගටම අනාවරණය කරයි.

බහුලව භාවිතා වන එක් PCR පරීක්ෂණයක් සඳහා, ඉලක්කගත ජාන තුනෙන් එකක් අනාවරණය කර නොගන්නා බව රසායනාගාර කිහිපයක් පෙන්වා දී ඇත (S ජාන අත්හැරීම හෝ S ජාන ඉලක්ක අසාර්ථක වීම ලෙස හැඳින්වේ) එබැවින් එම තත්ත්වය මෙම ප්‍රභේදය සඳහා සලකුණු කාරකයක්  නොහොත් අනුමානයක් ලෙස භාවිතා කළ හැකිය. මෙම ප්‍රවේශය භාවිතා කරමින්, මෙම ප්‍රභේදය පෙර පැවති ආසාදනවලට වඩා වේගවත් වේගයකින් අනාවරණය කරගෙන ඇති අතර, මෙම ප්‍රභේදයට වර්ධන වාසියක් තිබිය හැකි බව යෝජනා කරයි.

අපි PCR පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ, රටට ඇතුළුවීමේදී කරන පරීක්ෂණ හරියට නොකරපු නිසාත්, සෞඛ්‍ය.අමාත්‍යාංශය එහෙම කරන්නන එපා කියලා නීති දාපු නිසාත්, රටේ දැනටමත් ඔමික්‍රෝන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී නොදැනීම ඇතුළුවෙලා ක්‍රමාණුකූලව වර්ධනය වෙන්නත් පුළුවං. මේ පරීක්ෂණ කරන විදිහට රැල්ලක් ඇතිවෙලා පාළණය කරගන්න බැරි තැනකට පත් වුණාම තමයි අපිට ඒක හදුනා ගන්න පුළුවං වෙන්නේ. ඒක රෝග පාලන ප්‍රතිපත්ති,  සැලසුම්වල සහ ආවේක්ෂණ ක්‍රියාවලියේ දුර්වලතාවයක්.

රට තුල ක්‍රමාණුකූලව වර්ධනය වන තත්වයන් හදුනා ගනිමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහාත් මහජනතාව සූදානම් කිරීම සදහාත් අදුරේ අතපත ගෑම වෙනුවට අහඹු නියැදි පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන්න. ඒවායේන් ලබෙන විද්‍යාත්මක දත්ත පුරෝකථන රටට ඉදිරිපත් කරන්න. ජංගම රසායනාගාර වැනි ක්‍රමයක් භාවිතා කරලා දිස්ත්‍රික්ක පුරා, පාසැල් , කර්මාන්ත ශාලා යම් විද්‍යාත්මක පදනමකින් පරික්ෂා කරමින් ඒවායේ ප්‍රතිපළ අනූව තීරණ ගැනීම ආරම්භ කරන්න.

ඔමික්‍රෝන් හෙවත් B.1.1.529 ප්‍රභේදය 2021 නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රථම වරට වාර්තා කරන ලදී.

මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇත, අනෙකුත් "විශේෂයෙන් සලකා බැලියයුතු ප්‍රභේද" (Varient Of Concern)  වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික සාක්ෂි මගින් තහවුරු කර ඇත.

බහුලව භාවිතා වන එක් PCR පරීක්ෂණ මගින් මෙම ප්‍රභේදය සදහා ඉලක්කගත ජාන තුනෙන් එකක් අනාවරණය කර නොගන්නා බව රසායනාගාර කිහිපයක් පෙන්වා දී ඇත (S ජාන අත්හැරීම හෝ S ජාන ඉලක්ක අසාර්ථක වීම ලෙස හැඳින්වේ) එබැවින් සාමාන්‍ය PCR පරීක්ෂණය මෙම ප්‍රභේදය සඳහා සලකුණු කාරකයක් (අනුමාන කිරීම) ලෙස භාවිතා කළ හැකිය.

මෙම හැකියාවන් භාවිතා කරමින්, මෙම ප්‍රභේදය පෙර පැවති ආසාදනවලට වඩා වේගවත් වේගයකින් අනාවරණය කරගෙන ඇති අතර, එමගින් මෙම ප්‍රභේදයට සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි ප්‍රභේදයක් බවට පර්යේෂණාත්මක තොරතුරු මගින් තහවුරු වී ඇත.

ravikumudesh photo

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය