සෞඛ්‍ය අංශ වල වැරදී මහජනතාව මත පටවන්න එපා

ravi-kumudesh

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වසංගත රෝග අංශයේ අවිධිමත් ක්‍රියාකාරීත්වයේ වරද රසායනාගාර පිට හෝ මහජනතාව පිට නොපටවන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඔමික්‍රෝන් ආසාධිතයෙකු රටට ඇතුළු වූ බව සොයාගනු ලැබුවේ රාසායනාගාර නිසි මාර්ගෝපදේශයක් නොමැතිව පවා වගකීමෙන් සේවය සැපයීම හේතුන් බවත්, එසේම, ඔමික්‍රෝන් ආසාධිත කාන්තාවද කිසිදු මාර්ගෝපදේශයක් කඩ කර නොමැති බැවින් ආසාධිතයෙකු වූ පමණින් චෝදනාවට ලක් කිරිම, නිවැරදි මාර්ගෝපදේශ ලබා නොදෙමින් වසංගත පාළණය අයාලේ යාමට ඉඩ හැරි සෞඛ්‍ය බලධාරීන්ගේ වැරදි වසා ගැනීම සදහා සිදු කරන ක්‍රියාවක් බවත් පැවසීය.

එන්නත් දෙකම ලබා නොගත් පාර්ශවයක් සදහා රටට ඇතුළුවීමට අනුමැතිය ලබාදීම පිළිබදව ප්‍රශ්න කරන ඇතැම් පාර්ශවයන්, එන්නත් ආවරණය නොමැතිව රටි පිටවීම සදහා අවසර ලබාදීම පිළිබදව ප්‍රශ්න නොකිරීම පිළිබදවද අපට විශාල ගැටළුවක් ඇති බවද, කෙසේ හෝ අදාල කාන්තාව සහ ස්වාමිපුරුෂයා එන්නත් නොමැතුව රටින් පිටවීමත්, නැවත රටට ඇතුලුවීමත් කිසිඳු නීතියක් හෝ උපදේශයක් කඩ නොකරමින් සිදුවන බැවින්, එයින් තහවුරු වන්නේ නීතිවල, මාර්ගෝපදේශවල හෝ ඒවා ක්‍රියාත්මක කරනු ලබන අයගේ අඩුපාඩුව මිස, මහ ජනතාවගේ අඩුපාඩුවක් නොවන බවයි.

එසේම මේ වනවිට රටට ඇතුළුවන 99%ක් සදහා  PCR පරීක්ෂාවන් සිදු කිරීමට ඇති හැකියාව අවහිර කර ඇති බැවින් මෙලෙස ඕනෑතරම් ආගමනිකයින්, ඔමික්‍රෝන් ආසාධිතව නිදැල්ලේ රටට ඇතුළුවීමේ ඉඩකඩක් පවතින බවත්, හදුනාගත් එකම ඔමික්‍රෝන් අසාධිතයා පවා හදුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ, On Arrival හෙවත් රටට ඇතුලුවීමේදී  PCR පරීක්ෂණය සිදු කිරීමට රසායනාගාරයට කලාතුරකින් ලැබුණු ඉඩකඩ භාවිතා කරමින් බවයි.

එම කාන්තාව සහ ආශ්‍රිතයින් නිවැරදිව නිරෝධායනයට ලක් නොවූයේ රසායනාගාරයේ වරදකින් බව හැගවීමට උත්සාහ කිරීම අප තරයේ ප්‍රතිකේෂ්ප කරන අතර, නිසි මාර්ගෝපදේශයක් පවා නොමැතිව ප්‍රභේද පරීක්ෂණ දක්වා අදාල පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ රසායනාගාර වෘත්තිකයින්ගේ ස්වේඡ්චා මැදිහත්වීම මතය.  එසේම අදාල කාන්තාව රසායනාගාරයට පැමිණීම සහ පිටවීම දක්වා භාරකාරීත්වය තිබිය යුතු වන්නේ මහජන සෞඛ්‍ය අංශයටවන අතර, වාර්ථාව පිළිබදව අදාල පාර්ශව කඩිනමි දැනුම් දීමේ වගකීමට අනූව වසංගත රෝග ප්‍රධානියා, ගුවන්තොටුපල අදාල බලධාරීන්, යුධ හමුදාව,  ඇතුලු වගකිවයුතු පාර්ශව දහයකට පමණ පැය කිහිපයක් ඇතුලතදී අදාල දැනුම්දීම් සිදු කර තිබියදී, අදාල නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු නොවීමේ වරද රසායනගාරය පිට පැටවීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවයි.

මෙම සියළු අවිධිමත්භාවයන් ඇතිකර ඇත්තේ හිතාමතාම වුවමණාවෙන්මද යන්න පිළිබදව අප සැක කරන ඇතර, රටට ඇතුළුවීමේදී සියළු ආගමනිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට තවදුරටත් ඉඩ ලබා නොදෙනෙ සෞඛ්‍ය බලධාරීන් මෙකී සියළු අවිධිමත්බාවයන්ට වගකිව යුතු බව වැඩිදුරටත් පැවැසීය.