හිටපු ගුරු සහායකයින් ආණ්ඩුකාර කාර්යාලයයේ විරෝධතාවයක

හිටපු ගුරු සහායකයින් ආණ්ඩුකාර කාර්යාලයයේ විරෝධතාවයක

මධ්‍යම පළාතේ ගුරු සහායකයින් 380 දෙනෙකුට පත් නොකිරීමට එරෙහිව (27) දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දී හිටපු ගුරු සහායකයින් විරෝධතාවයක නිරත විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරු සහායකයින්,

අපි වසර ගණනාවක් සේවය කළත් අපට පත්වීම් ලබාදීමේදී මධ්‍යම පළාත නොසලකා හැර තිබෙනවා,

අපට පත්වීම් ලිපි කිහිපයක් ලබාදී තිබුණත් එම පත්වීම් පවා මේ වන විට අවලංගු කර තිබෙනවා. මේ මස 18 වැනිදා එම පත්වීම ලබාදෙන දෙන බව ප්‍රකාශ කළත් අවසන් මොහොතේ එය අවලංගු කර ඇති බව නිවේදනය කර තියෙනවා.

අනෙක් පළාත් සභාවල ගුරු සහයකයින්ට පත්වීම් ලබාදී ඔවුන් සියලු දෙනාම ස්ථීර කර ගුරුවරුන් ලෙස සේවය කරනවා. අපට පමණක් මෙම පත්වීම ලබාදීමට මධ්‍යම පළාත සහ ආණ්ඩුකාරවරයා තවමත් ක්‍රියාකර නැති නෑ.  

ගුරු සාහකයින් 380 න් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 198 ක් ද, මහනුවර 17 ක් ද, මාතලේ 05 ක් ද, බහුතර ප්‍රජාවේ 54 ක් ද, ලිපිගොනු අවසන් කර ඇති 35 ක් ද, ලිපිගොනු අවසන් නොකළ 72 ක් ද, මුළු සංඛ්‍යාව 380 ක් වේ.

teacher asst central 2