සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් අද සිට විවෘත කෙරේ

සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් අද සිට විවෘත කෙරේ

අදියර කීපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල් අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සම්පූර්ණයෙන් ම විවෘත කර පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සියලු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරමින් පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු අතර ඒ සදහා අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට දන්වා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.