ගුරුවරුන් වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න

ගුරුවරුන් වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න

2022.01.22 සෙනසුරාදා අවසන් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ඇතැම් සිසුන් සහ දෙමාපියන් කරන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

මේ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, විභාගවල විශ්වසනීයත්වය තහවුරු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත්, විභාගවලට පෙනී සිටි සිසුන් විසින් කරන ලද චෝදනා වලට පැහැදිලි තීරණයක් ගන්නා ලෙසත්, ගුරුවරුන්ට චෝදනා එල්ල වී ඇති බැවින්, ඔවුන් වරදක් කර ඇත්නම් එම ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් විරුද්ධ නොවන බවත් විභාග වලට පෙනී සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ සඳහා සාධාරණයක් ඉටුකිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

මීගමුව ප්‍රදේශයේ උසස් පෙළ විභාගයේදීද මෙවැනිම ප්‍රශ්න මතුවූ බවත් ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවත් පවසන ඒ මහතා විභාග පිළිබඳව විශ්වාසයක් නොමැතිකම බරපතළ කාරණයක් බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.