අධිභාර බද්දට එරෙහි විරෝධයට කම්කරු ඇමතිත් එක්වෙයි

අධිභාර බද්දට එරෙහි විරෝධයට කම්කරු ඇමතිත් එක්වෙයි
සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට කම්කරු අමාත්‍යවරයාද, එක්ව තිබේ.
 
 නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඊයේ (10) දිනයේදී මෙම විරෝධතාව පැවැත්විණි.
 
එම උද්ඝෝෂණය පැවති ස්ථානයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණ විරෝධතාකරුවන් සමඟ කතාබහක නිරතවිය.
 
එම අවස්ථාවේදී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගන්නා අයුරු ද දක්නට ලැබිණි.
 

2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බදු මුදල අයකිරීමට නියමිතය.