සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය අඛන්ඩව ඉදිරියට...

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය අඛන්ඩව ඉදිරියට...

මර්ධනයට එරෙහිව, සාකච්ඡාවෙන් ගැටළු විසදීමට බල කරමින්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය අඛණ්ඩ ඉදිරියට ගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැඳවුම්කරු රවි කුමුදේස් මහතා අද (13) දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වී, හැට පන්දහසක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් පිළිබදව සද්භාවයෙන් යුතු කිසිදු සාකච්ඡාවක් නොපවත්වා, එය මර්ධනයෙන් පොඩි පට්ටම් කර දැමීමට දරන උත්සාහයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය අඛණ්ඩ ඉදිරියට ගෙන යෑමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇති බවත්, අද දින (13) දින උදේ 11ට රැස්වූ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව, සාධාරණ ඉල්ලීම් සදහා විසදුම් ලබා දීම වෙණුවට, වෘත්තීය සමිති මර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමටත්, එම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව කොන්දේසි විරහිතව අරගල කිරීමටත්, ඒකමතිකව  ඒකමතිකව තීරණය කළ බවත්ය.

ඒ අනූව රෝගීන් පිළිබද බොරු සානුකම්පාවක් දක්වන සෞඛ්‍ය බලධාරීන්ට සැබෑ වුමණාවක් ඇත්නම් වහා සාකච්ඡාවක් කැදවන ලෙස බල කර සිටින බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කිය සිටියේය.