සංවර්ධන නිලධාරිනුත් වර්ජන සුදානමක

සංවර්ධන නිලධාරිනුත් වර්ජන සුදානමක

රාජ්‍ය සේවය සඳහා 1999 සිට බඳවාගන්නා සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශ්‍රිත සේවා උපාධිධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 08 ක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 6/2006 හා 3/2016 ඇතුළු වැටුප් චක්‍රලේඛ මඟින් රාජ්‍ය සේවය තුළ මතුව ඇති වැටුප් විෂමතාවය නිවැරදි කිරීමට පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව තෝරාගත් සේවාවන්වල වැටුප් විෂමතා නිවැරදි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එකම අධ්‍යාපන සුදුසුකම යටතේ වැටුප් තීරණය කිරීමේ දී සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත සේවාවන් හා ශ්‍රේණි අතර වැටුප් විෂමතාවය තවදුරටත් ඉහළ ගොස් ඇත.

එම ගැටළු ඇතුළු ඉල්ලීම් 08ක් මේ වන විට ආණ්ඩුවට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කර ඇත.