අපි දින දාහතරක් දීලා තියෙනවා අපේ ප්‍රශ්නය විසඳන්න - රවි කුමුදේස්

අපි දින දාහතරක් දීලා තියෙනවා අපේ ප්‍රශ්නය විසඳන්න - රවි කුමුදේස්

අපගේ ඉල්ලීම් විසඳිය හැකි ඉල්ලීම්. මේ ඉන්න ජනාධීපතිවරයා අපේ ජනාධිපතිවරයා මිසක් එක එක්කෙනාගේ ජනාධිපතිවරයා නොවෙයි. නමුත් අපි මෙච්චර උද්ඝෝෂණ, වර්ජන කර තිබියදීත් ජනාධිපතිවරයා සාකච්ඡාවට කැඳවලා තියෙන්නේ මෙම වර්ජනය කඩාකප්පල් කිරීමට කටයුතු කළ ස්වාමින් වහන්සේ නමක්. උන් වහන්සේ සමග කතාකරලා ඉල්ලීම් දෙනවා නම් අපි විරුද්ධ නැහැ. නමුත් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය අර්බුදයක් නැහැ කියල කටයුතු කළ අය සමග නොවෙයි සාකච්ඡා කළ යුතුව තිබුණේ වර්ජනයක් කළ කණ්ඩායම් සමගයි. අපි දවස් 14ක් දීලා තියෙනවා මෙම ප්‍රශ්ණය විසඳන්න යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු, රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුකයක දී පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මේ රට ඒකාධිපති පාලනයකට හා වෘත්තීය සමිති මර්ධනයකට යාම සම්බන්ධයෙන් අපි පුරවැසියෝ විදියට මුහුණ දෙන්නේ කොයොමද කියන අතර, විශේෂයෙන්ම සෞඛ්‍ය වර්ජනය ඇතුලේ උත්සහයන් කිහිපයක් ගත්තා රජය පැත්තෙන් ගත් එකක් තමයි මහජනතාවගේ කැමැත්ත ලබාගැනීම හා මාධ්‍ය තුළ කළු මෙහෙයුමක් දියත් කිරීම.

අපි දන්නවා පසුගිය වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමයි රට බේරාගන්න මැදිහත් වූනේ. ආණ්ඩුව, සෞඛ්‍ය ඇමතිවරු හා සෞඛ්‍ය ලේකම්වරුන්ට කරන දෙයක් නැතිවෙන කොට ස්වයං පාලනයක් විදියට මේ රටේ සෞඛ්‍ය ඉදිරියට පවත්වා ගෙන ගියේ සියළු සෞඛ්‍ය කරේය මණ්ඩලයයි.

අපි අපගේ අයිතිවාසිකම් සම්බන්යෙන් මාස හයක් තිස්සේ ආන්ඩුවට දැනුම් දුන්නත් එය මඟ හැරියා. අපි මේ සටනට ආවේ යම් ප්‍රමාණයකට කොවිඩ් වසංගතය පාලනය කරගත් අවස්ථාවෙයි. මාස හයක් තිස්සේ අපි කළ ඉල්ලීම්වලට කිසිම උත්තයක් සෞඛ්‍ය බලධාරින්ට දීමට නොහැකි වුණා. මාස තුනක් තිස්සේ අපි මේ පිළිබඳව පලාත් මට්ටමින් එක්දින වැඩවර්ජන මගින් රජයට දැනුම් දුන්නා අපේ ප්‍රශ්ණය විසඳන්න. නමුත් රජය අපගේ වැඩ වර්ජනය දක්වා ගමන් කරනකන් අපට ඇහුම්කන් දීම මඟ හැරියා.