කම්කරු පැමිණිලි කිරීමට නව අන්තර් ජාල පද්ධතියක්

කම්කරු පැමිණිලි කිරීමට නව අන්තර් ජාල පද්ධතියක්

කම්කරුවන්ට අදාල  පැමිණිලි කිරීම සඳහා විධිමත් පැමිණිලි  කළමනාකරණ පද්ධතියක් ජනගත කිරීම (15) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කම්කරු දෙපාර්තමේන්තුව කම්කරු ගැටළුවලට අදාළ පැමිණිලි විසඳීම සඳහා පැමිණිලි කිරීම සඳහා මෙම නිල කළමනාකරණ පද්ධතිය කම්කරු දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතිය සේවකයින්ට මෙන්ම සේවා යෝජකයන්ට සහ නිලධාරීන්ට කම්කරු ගැටළු සම්බන්ධයෙන් විවිධ සේවාවන් සපයයි.