කොළඹ පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කරයි

කොළඹ පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කරයි

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් තත්ත්වයක් මුල් කරගෙන ඊයේ රාත්‍රී පනවා තිබූ ඇදීරි නීතිය   අද (01) අළුයම 05.00 සිට ඉවත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඒ අනුව ඉවත් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්  යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි ද  වාර්තා වේ.