වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ හා ජන අරගල භූමියේ මැයි දින සැමරුම්

වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ හා ජන අරගල භූමියේ මැයි දින සැමරුම්

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් වෘත්තීය සමිති මාධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මැයි රැළිය හා පෙළපාලිය කොළඹ රීගල් සිනමා ශාලාව අසලින් ආරම්භ කරන පෙළපාලිය විහාර මහා දේවී උද්‍යානය අසලට පැමිණිනෙන අතර, කොළඹ මහජන පුස්තකාලයේදී රැස්වීම පවත් වන බව බව එහි ප්‍රකාශකයෙක් වැඩබිමට පැවසීය.

මෙම පෙළපාලිය පෙරවරු 10.00ට ආරම්භ කරන අතර, රැළිය දහවල් 12ට ආරම්භ කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව ගාලු මුවදොර ආරම්භ කර ඇති ජන අරගල භූමියේදී විශේෂ මැයි රැළියක් පැවැත්විමට කටයුතු යොදා ඇති අතර එම පාගමන හා මැයි රැළිය සවස 3.00ට ආරම්භ කිරීමට නියමිත බව එහි මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.