ජනමාධ්‍ය නිදහස අගයන ලෝක ජනමාධ්‍ය දිනය අද

ජනමාධ්‍ය නිදහස අගයන ලෝක ජනමාධ්‍ය දිනය අද

ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව’ යන්න තේමා කරගමින් ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේ සිට සෑම වසරකම මැයි මස 03 වනදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබෙන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වෙන වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට,තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසෝලේ පවසන්නේ ඩිජිටල් යුගයේ අවධානම විසදීමට සහ අවස්ථාවන් ප්‍රායෝජනයට ගැනීමට සියලුදෙනා වැඩියමක් සිදුකළ යුතු බවයි.

තවද ලෝක නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් සහ නිදහසක් නොමැති බවයි.