විරෝධාවන්හි ළමුන්ට එරෙහි හිංසනය නවතනු!

විරෝධාවන්හි ළමුන්ට එරෙහි හිංසනය නවතනු!
විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව  යුනිසෙෆ් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
 
එකී නිවේදනයේ මෙසේද දැක්වෙයි.
 
"විරෝධතාවලදී සිදුවන ළමුන් සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ලැබෙන වාර්තා සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ අවධානය යොමුව තිබේ.සියලු පාර්ශව සාමකාමීව රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කළ යුතු අතර ළමුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් මෙන්ම සාමකාමී රැස්වීම්වලට සහභාගී වීමට අයිතියක් ඇත.
 
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව,සාමකාමීව රැස්වීම්වලට සහභාගී වී ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන අයට ඔවුන්ට බලපාන ගැටළු වලට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති අතර ළමයින් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයට,ප්‍රාදේශීය ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල් වලට හවුල් වගකීමක් තිබේ.
 
සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතුයි.සෑම වැඩිහිටියෙක්ම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර විරෝධතා වලදී ඇතුළුව සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ළමයින් නිරාවරණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.අපි නීතිය බලාත්මක කරන ආයතන වලින් ඉල්ලා සිටින්නේ බලය භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව සැම විටම සෑම තැනකදීම සහතික වන ලෙසත්ය.