නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයට යුනියන් විදිහට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා

නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයට යුනියන් විදිහට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා
"මේක ආණ්ඩුවේ මැදිගත් වීමෙන්, ආණ්ඩුව දැනුවත්ව, ආණ්ඩුවේ මැරියන් විසින් සිදුකළ සංවිධානාත්මක  මිලේච්ඡ ප්‍රහාරයක් විදිහට අපි දකිනවා.විශේෂයෙන්ම පොලිසීයේ ආශිර්වාදය ඇතිව ගෝටාගෝගම නිරායුද අරගල කරුවන්ට එල්ල කළ ඉතා අමානුෂික ප්‍රහාරයක්."
 
නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ මෙම ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල මරු ප්‍රහාරයක්වන අතර අපි වෘත්තීය සමිති හැටියට මේ ප්‍රහාරයට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා වැඩබිම සිදුකළ විමසීමකදි අප සමඟ ප්‍රකාශ කළේය.