ප්‍රචණ්ඩත්වය පසෙකලා සමකාමීව අරගලයේ යෙදෙන්න - සරසවි ඇදුරන් ඉල්ලයි

ප්‍රචණ්ඩත්වය පසෙකලා සමකාමීව අරගලයේ යෙදෙන්න - සරසවි ඇදුරන් ඉල්ලයි
ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී අරගල මගින් පමණක් ජයග්‍රහණ අත්කර ගැනීමට ක්‍රියාකරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් සිය සංගමය ද අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ  තිබෙන බවයි.