රනිල් මහත්තයෝ ආදරයේ අරගලයට පහරදීපූ චූදිතයන් අල්ලන්න ඔබට බාරයි

රනිල් මහත්තයෝ ආදරයේ අරගලයට පහරදීපූ චූදිතයන් අල්ලන්න ඔබට බාරයි

නන්දසේන රාජපක්ෂ වික්‍රමසිංහ වැඩ වරද්ද ගත්ත විත්තිය අපට පේනවා. රනිල් රාජපක්ෂ උන්නැහේ හයවැනි රටත් මෙරටේ අගමැති වෙලා තියෙනවා. ලෝක වාර්තාවකුත් තියෙල තියෙනවා මම දන්න විදියට පාර්ලිමේන්තුවේ ඉන්න එක් මන්ත්‍රීවරයෙක් අගමැතිවෙලා ඉන්නා කියල අහල නෑ. ඒක ලෝක වාර්තාවක්. රනිල් මහත්තයෝ රෙද්දේ පල්ලේ නයි දාගෙන කැවෝ කෑවෝ කියන්න එපා. ආදරයේ අරගලයට පහරදීපූ චූදිතයින් අල්ලන් දැන් ඔයාට බාරයි. ඔයා කියන්න එපා මේක මං උන්නු කාලයේ එකක් නෙමෙයි. මේක දැං ඔයාට ටර්න් වෙලා තියෙන්නේ. ඔයා දැං රෙද්දේ පල්ලේ නයි දාගත්තනං ඔයා දැං උත්තර දෙන්න ඕනෑ බව, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ, උප සභාපති ලාල් බංගමුවගේ මහතා ඊයේ (14) දින පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ලාල් බංගමුවගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ලංකාවේ සීගිරි බලන්න නොගිය පාස්පොර්ට් දෙකක් තිබිච්ච ඩිස්නිලන්තය බලන්න ගිය, කලින් රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා ඉන්න කොට හිරේ නොදා බේරාගත්තා. ඒකට උදව්වක් වශයෙන් කෝටි විස්සක විතර අරගෙන ඊළඟ කැබිනට් එකේ කර්මාන්ත් ඇමතිකම ගන්නවා කියා හොඳම ආරදංචියක් ආවා. හොර පාස්පොට් දෙකේ තියාගෙන් හිරේ දාපු නැති එකේ කෘතගුණ සැලකිල්ලට එයා ඇමති කෙනෙක් වෙනවා.

අනෙක් කාරණය තමයි ඔය රාජපත්ෂ උන්නැහේ හැංගිලා ඉන්න ත්‍රිකුණාමළයේ . එයා කිව්වා මත්තල ගුවන් තොටුපලට වී තැන්පත් කරල රනිල් රට විනාශ කරා කියලා. හම්බන්තොට වරාය විකුණලා රනිල් රට කෑවා. නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේ පර්ශනයක් ඇහුවම කිව්වා චීනය එක්ක සාකච්ඡා කරනවා කිව්ව හම්බන්තොට වරාය ගන්න. තාම නාමල් රාජපක්ෂ සාකච්ඡා කරනව ඇති. මහ බැංකු හොරා කිව්වා. මහබැංකු හොරා තමයි. බටලන්දේ මිනීමරුව කිව්වා. එහෙම කියාපු රනිල් වික්‍රමසිංහට නන්දසේන කොහොමද මේ තනතුර දුන්නේ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාවට මම කියනවා උඹලගේ නායකයෝ උඹලත් එක්ක නෙමෙයි ඉන්නේ. දැං උඹලා ගුටි කාල හතරගාතෙන් ඉන්නකොට ඒ ගැන හොයන්නේ නෑ . උං දැං ඉන්නේ මත්තල ගුවන්තොටුපලේ වී තැන්පත් කරපු, හම්බන්තොට වරයා විකුණං කාපු මිනිහත් එක්ක බව දැනගනිල්ලා. ඒක නිසා මේ රටේ ඡන්ද දායකයින්ට අපි කිව්වා මේ නන්දසේනලාට, මේ රාජපක්ෂලාට අහුවෙන්න එපා කියාලා. නමුත් තේරුම් ගත්තේ නෑ. සෞභාග්‍ය හදන්න ගියා. ඒ නිසා කරුණාවෙන් කියනාය නන්දසේන රාජපක්ෂට වහාම ඉල්ලා අස්වෙන්න, එහෙම නැත්නම් මේ වෘත්තීය සමිති පෙරමුණ , වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ක එකුතු වෙලා ඔයා අනිවාර්යෙන්ම එලවනවා එලවනවාමයි.