සාමකාමී අරගලයට පහරදුන් මැර නඩය අත්අඩංගුවට ගනු -නීතිඥවරු විරෝධතාවයේ

සාමකාමී අරගලයට පහරදුන් මැර නඩය අත්අඩංගුවට ගනු -නීතිඥවරු විරෝධතාවයේ
ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින්  අද (17)කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
 
විරෝධතාවයේ නිරත නීතිඥවරුන් පෙන්වා දෙන්නේ එකම රටකට නීති දෙකක් අවශ්‍ය නොවන බවයි.
 
ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටින අයුරු දක්නට ලැබුණි.