මෙරට ඖෂධ හිඟය තව තවත් උග්‍ර වෙයි

මෙරට  ඖෂධ හිඟය තව තවත් උග්‍ර වෙයි

දිවයිනේ රෝහල් කිහිපයකම ඖෂධ හිගයක් නිර්මාණය වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය අවධාරණය කරයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රතිකාර සදහා භාවිතා කරන ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ සහ රසායනික පරීක්ෂණ සදහා යොදා ගන්නා ප්‍රතිකාරක ද්‍රව්‍ය ඇතුළු කිහිපයක්ම විදේශ සංචිත අර්බුද හේතුවෙන් ආනයනය කිරීමේ ගැටලු පවතින බවයි.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේද ඖෂධ වර්ග 30 ක පමණ ප්‍රමාණයක යම් ඌණතාවයක් පවතින බවද ජී විජේසූරිය මහතා සදහන් කරයි.

කෙසේ නමුත් පවතින සීමිත සම්පත් යොදා ගනිමින් ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවද වෛද්‍ය ජී විජේසූරිය මහතා මාධ්‍යට පැවසීය.