ගෝඨාභය ගෙදර යනු! ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු! -වෘත්තීය සමිති උද්ඝෝෂණයේ

ගෝඨාභය ගෙදර යනු! ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු! -වෘත්තීය සමිති උද්ඝෝෂණයේ
වෘත්තීය සමිති හා බහුජන සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණයක් ඊයේ (19) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
 
ගෝඨාභය ගෙදර යනු! ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු! සාමකාමී අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයන් වහා අත් අඩංගුවට ගනු!  මහජන දේපොළ විකුණන් කන ආර්ථික සැලසුම් පරදවමු ! යන විරෝධතා පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් වෘත්තීය සමිති රැසක නායක නායිකාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
11
 
23 
222
 

 

මෙම උද්ඝෝෂණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය,පෞද්ගලික හා අවිධිමත් අංශයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල සාමාජිකයන් සහභාගී විය. මෙහිදී වෘත්තීය සමිති නායකයින් විසින් උද්ඝෝෂණයෙන් පසු රැස්ව සිටි ජනතාව අමතමින් තම අදහස් දැක්වූ අතර එහිදී ඔවුන් පවතින අර්බූදයට රනිල් වික්‍රමසිංහ විසඳුමක් නොවන බව කියා සිටියහ. එසේම රාජපක්ෂලාගේ ගැළවුම් කරුවකු ලෙස පොහොට්ටුවේ ඡන්ද වලින් නැටවෙන රූකඩයක් බවට රනිල් වික්‍රමසිංහ පත්ව ඇති බව ඔවුන් ප්‍රකාශ කළහ.

111

33

එසේම ජනතාව දිගින් දිගටම ගෝඨාභය ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස රට පුරා විරෝධතා පවත්වද්දී එය ගණන් නොගෙන කටයුතු කිරීමට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් අවධාරණය කළහ. එසේම පසුගිය දා සාමකාමී ගෝඨාගෝගම සාමකාමී ජනතා අරගලයට පහර දුන් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ මැරයන් අතඩංගුවට ගන්නා ලෙසද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.