සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්!

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්!

අද (23) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව විභාගය ආරම්භ වීමට පැය 2කට කලින් හෝ සිසුන්ව යොමු කිරීමට හැකි නම් එය වැදගත් වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.

නියමිත වේලාවට පසුව පැමිණෙන සිසුන්ට සහනයක් ලබා දීමටද විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.