සියලුම රජයේ සේවකයින් සම්බන්ධයෙන් රජය අලුත් තීරණයක

සියලුම රජයේ සේවකයින් සම්බන්ධයෙන් රජය අලුත් තීරණයක

රජයේ සේවකයින් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී සිදුකිරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින් සඳහා සතියේ දින 4ක් පමණක් රාජකාරී ස්ථාන වෙත කැඳවීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඉන්ධන භාවිතය අවම කිරීමේ එක් පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.