වෘත්තීය සමිති හා කළ සාකච්ඡා ඵලදරයි-උත්තර පත්‍ර ඇගයීමේ ගාස්තු සංශෝධනයක්

වෘත්තීය සමිති හා කළ සාකච්ඡා ඵලදරයි-උත්තර පත්‍ර ඇගයීමේ ගාස්තු සංශෝධනයක්
2021 (2022) අපොස සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.
 
 2022.06.10 වන දින අමාත්‍යවරයා හා වෘත්තීය සමිති සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේ දී සිදුකරන ලද ඉල්ලීම සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද, අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.
 
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර ඇත.
 
සාකච්ඡා වූ කරුණු අනුව උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරනු ලබන ගුරුවරුන්, පරීක්ෂණ මණ්ඩල සඳහා එක් උත්තර පත්‍රයක් සඳහා ගෙවන ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
 
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත්තේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා උත්තරපත්‍ර පරීක්ෂණවරුන්ට ගෙවනු ලබන දෛනික වියදම් සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.