කොළඹ පාසල් ලබන සතියේ වසා තැබීමට පියවර

කොළඹ පාසල් ලබන සතියේ වසා තැබීමට පියවර

උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගර සීමාවේ සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියක කාලයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

එම සතිය තුළ ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බැවින් දහවල් කාලයේ විදුලිය විසන්ධි කිරීමට පියවර නොගන්නා ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයිද, පුවාහන ගැටලු නොමැති දිවයිනේ අනෙකුත් පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වා ගෙන යාමට අනුමැතිය දී ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.