ඉන්ධන ඉල්ලා ගුරුවරුන් විරෝධතාවයක

ඉන්ධන ඉල්ලා ගුරුවරුන් විරෝධතාවයක

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරින් පිරිසක් පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිටදි තමන්ට රාජකාරියට පැමිනිමට ඉන්ධන ඉල්ලමින් (21) දින දහවල් විරෝධතාවයක නිරත වූහ.

මෙසේ විරෝධතාවයේ නිරත වුයේ අපොස සාමාන්‍ය පෙළ දෙමළ මාධ්‍ය උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරුන් හා ගුරුවරියන් හා මධ්‍යස්ථාන ප්‍රධානින් ඇතුළු 150 කට ආසන්න පිරිසකී.

පුත්තලම ඇන්ඩෘ ජාතික පාසලේ අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් කටයුතු වල නිරත ගුරුවර ගුරුවරියන් මෙසේ තමන්ට රාජකාරි කටයුතු සදහා පැමිනිමට මෙසේ ඉන්ධන ඉල්ලමින් විරෝධතාවයෙ නිරත වන්නට වුහ. මෙම විරෝධතාවය පුත්තලම ඇන්ඩෘ ජාතික පාසල ඉදිරිපිට පැවති අතර එය පැයකට ආසන්න කාලයක් පැවතිනි.

(ශ්‍රී ලංකා මිරර්)