ඉන්දන ගැටළුවෙන් දුර ගමන් සේවා හා කාර්යාල දුම්රිය රැසක් අද අවලංගුයි!

ඉන්දන ගැටළුවෙන් දුර ගමන් සේවා හා කාර්යාල දුම්රිය රැසක් අද අවලංගුයි!

දුම්රිය නියාමකවරුන් ඉන්ධන නොමැතිවීම මත සේවයට වාර්තා නොකිරීම නිසා දුර ගමන් සේවා හා කාර්යාල දුම්රිය රැසක් අද දින අවලංගුවී තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා සඳහන් කළේය.

දැනට රට තුල පවතින උග්‍ර ඉන්ධන අර්බුධය හමුවේ අද දින නියාමකවරුන් සේවයට වාර්ථා නොකිරීම නිසා නගරාන්තර දුම්රිය, දුර ගමන් සේවා සහ කාර්යාලිය දුම්රිය 26 ක් පමණ මේ වන විට අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.අද දිනය තුල අවලංගු වූ දුම්රිය අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට  වාද්දුව  ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ පානදුර අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ රඹුක්කන අතර ධාවනය වන දුම්රිය හයක්, කොළඹ කොටුව සහ මීරිගම අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ වේයන්ගොඩ අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ අඹේපුස්ස අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ හලාවත අතර ධාවනය වන දුම්රිය දෙකක්, කොළඹ කොටුව සහ මාදම්පේ අතර ධාවනය වන දුම්රිය දෙකක් සහ කොළඹ කොටුව සහ අවිස්සාවේල්ල අතර ධාවනය වන 
මගී සහ පාර්සල් ප්‍රවාහන දුම්රිය ද ,ඊට අමතරව කොළඹ කොටුව සිට මඩකලපුව ධාවනය වන උදයදේවි දුම්රිය සහ කලින් ආසන වෙන් කරන ලද  කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වන නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියක් ද අවලංගු කර තිබුණි. 
 
station
 
අවිස්සාවේල්ල බලා ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය අවලංගු වීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ අවිස්සාවේල්ල දක්වා දුම්රිය ස්ථාන වෙත බෙදා හැරිය යුතු පාර්සල් 300කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අතර ඒ අතර ඇති ඉක්මනින් නරක් වෙන දෑ සහිත පාර්සල් ද වේ.
 
අත්‍යාවශ්‍ය සේවයක් වන දුම්රිය සේවයේ කඩා වැටීමද මේ සමග ආරම්භ වී ඇති නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ඔවුන් යටතේ සේවය කරන කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය හැකි පමණ කැදවා සේවා කටයුතු ක්‍රියාත්මක කිරීමට උතසහ කරනු ලැබේ.
 
නමුත් නිල නිවාස නොමැති මෙම බහුතර පිරිස සදහා ද ඉන්ධන නොමැති විම නිසා ඉදිරියේදී සේවයට වාර්ථා කිරීමට ගැටලු ඇතිවීම නිසා, දුම්රිය මෙහෙයුම් කටයුතු ප්‍රමාද වීම, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම, පාරසල් ප්‍රවාහනය බිද වැටීම වැනි මගීන්ට බලපාන අවශ්‍යතා සැපයීමට නොහැකිවීම හෝ ප්‍රමාද වී සැපයීම සිදු විය හැක.
train2
 

නමුත් මෙම අවස්ථාවේ ප්‍රධාන ප්‍රවාහන මාධයයක් වන දුම්රිය සේවකයින් වෙත ඉක්මනින් ඉන්ධන ලබා දීමේ සාර්ථක  ක්‍රමවේදයක් මේ වන තෙක් හදුන්වා දීමට දෙපාර්තමේන්තුව හෝ රජය කටයුතු කර නොමැත. එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පිළියම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අද දිනටත් වඩා දුම්රිය අවලංගු වීම සිදුවීම නොවැලැක්විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගම අවධාරණය කරයි.