රටට ජනතා අදහස් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි

රටට ජනතා අදහස් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි

ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකමුතුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදි. එම කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත ලබාදුන් බව ඊයේ (30) දින පැවැති මාධ්‍ය හමුවක පවසා සිටියේ.

නමුත් මෙම ඒකාධිපති ව්‍යවස්ථාව ඉරා දමා ජනතා අදහස් විමසා පාර්ලිමේන්තුවට වගකියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු මෙම වෘත්තීය සමිති නායකයින් වැඩිදුර අදහස් දක්වමින් පවසා සිටියා.

මෙම අවස්ථාවට ඇන්ටන් මාර්කස්, ලෙස්ලි දේවේන්ද්‍ර, නීතිඥ ස්වස්ථිකා අරුලිංගම්, එස්.පී නාදන්, පාලිත අතුකෝරළ ඇතුළු වෘත්තීය සමිති නායකයින් මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වන ලදි.

එම කෙටුම්පත පහතින් දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය - පනත් කෙටුම්පත

"ප්‍රජාතන්ත්‍රවාදය තුලින් දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමට"

2022 ජුනි 30 වෙනි දින

ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකතුව විසින් කරන යෝජනා

කෙටුම්පතේ පූර්විකාව

රාජ්‍යය පාලනය කරනු ලබන මූලික මූලධර්ම ඉදිරිපත් කිරීම සඳහා ජනතාව විසින් ජනතාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සම්පාදනය කරනු ලබන්නේය යන මූලධර්මය මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන මෙම සංශෝධනය ඉදිරිපත් කරනු ලැබේග  එපරිදේදන් මෙම සංශෝධනය ඉදිරිපත් කිරීම මගින්  සමාජීය වශයෙන් හුදෙකලා වූ ආයතනල කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්  කෙටුම්පත් කිරීමේ පෙර පැවති ක්‍රමවේදය ප්‍රතික්ෂේප කරනු ලැබේග ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ප්‍රථම  සති හතරක අවම කාලසීමාවක් තුළ මාධ්‍ය සහ සමාජ අවකාශයන්ගේ  සංවාදයට ලක් වීම සඳහා අවශ්‍ය අවකාශය සලසමින් රජය විසින් ප්‍රථමයෙන්ම ව්‍යවස්ථා සංශෝධන ප්‍රසිද්ධියට පත් කිරීමේ අවශ්‍යතාවයක් මෙහිදී නිර්මාණය වේග

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් පහත ආකාරයට බලාත්මක කළ යුතු වන්නේය :-

1)         (1)  මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 21 වන සංශෝධනය යනුවෙන් හැඳින්විය හැක්කේය.

(2)  මෙම පනතේ දක්වා ඇති විධිවධාන මෙම පනත ක්‍රියාත්මක භාවයට පත් වන දිනයේ සිට බලාත්මක වන්නේ ය.  

3) මෙම පනත මගින් බලාත්මක කරනු ලබන විධිවිධානයන්ට පටහැනිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අනෙකුත් සියලු වගන්තිල මෙම පනතේ විධිවිධාන බලාත්මක වීමෙන් අනතුරුවල සංශෝධනය වීමට හෝ අවලංගු භාවයට ලක් වන අතරල ඒ වෙනුවට මෙම පනත තුළ දක්වා ඇති ආකාරයට බලාත්මක කරනු ලබන විධිවිධානයන් එපරිද්දෙන් යොදා ගැනීම සිදු වන්නේය

2)  මේ අනුවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් අනතුරුව පහතින් දක්වා ඇති නව වගන්තිය ඇතුලත් කිරීම මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙපරිද්දෙන් සංශෝධනය කරනු ලැබේ :-

    14අ. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතින් විධිවිධාන සලසා ඇති පරිදි සෑම පුරවැසියෙකු හටම ඕනෑම තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ හිමිකම පවතින්නේය.

3. මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය සංශෝධනය කොට පහත පරිදි සංශෝධන ඇතුළත් කළ යුතු වන්නේය -

14. :1) සෑම පුරවැසියෙකු හටම පහත දක්වා ඇති නිදහස වෙත හිමිකම ඇත්තේය –

(අ)       ආහාර සුරක්ෂිතතාවය සහ අවම මාසික ජීවන වැටුපක් හෝ වේතනයක් ඇතුලුව ජීවත් වීමේ නිදහස

(ආ)      ස්ත්‍රී පුරුෂ සමාජභාවයල  ආගම හෝ ජනවාර්ගිකත්වය මත පදනම් වූ පක්ෂපාතීත්වයකින් තොරව සමාන පහසුකම් හා සමාන අවස්ථා සහිතව අධ්‍යාපනය සඳහා ඇති නිදහස

(ඇ)      වෙනස් කොට සැලකීමකින් තොරවල සෞන්දර්යාත්මක සංස්කෘතික අයිතිවාසිකම් සඳහා ඇති නිදහස ප්‍රකාශනය ඇතුළුව භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

(ඈ)      සාමකාමීව රැස්වීමේ නිදහස

(ඉ)       සමාගමයේ නිදහස

(ඊ)       වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ නිදහස

(උ)       එකලාව (තනි තනිව) හෝ අන් අය හා සමඟල ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකවල තම ආගමල ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමේල පිළිපැදීමේල ප්‍රගුණ කිරීමේ සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස

(ඌ)     එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහස

(එ)       එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවකල වෘත්තියකල කර්මාන්තයකල වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස

(ඒ)       ශ්‍රී ලංකාව තුළ යාම ඊම සඳහා වන නිදහස සහ අභිමත ස්ථානයක වාසය කිරීමට ඇති නිදහස සහ

(ඔ)       ශ්‍රී ලංකාව වෙත පෙරළා පැමිණීමේ නිදහස

14. :2)  14.(1) උප වගන්තියේ (ඉ) සහ (ඊ) වගන්ති යටතේ දක්වා ඇති අයිතිවාසිකම් කිසිදු බාධාවීමකින් හෝ සීමාවීමකින් තොරව ස්වකීය සේවකයන් විසින් භුක්තිවිඳිනු ලබන බව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම අයත් සියලු හාම්පුතුන් (සේවා යෝජකයන් විසින්) සහතික කළ යුතු වන අතර  එවන් අයිතිවාසිකම් කිසියම් ආකාරයකින් උල්ලංඝනය වීමක් පිළිබඳ වගකිවයුතු වන්නේයග

ජනරජයේ ජනාධිපතිවරයා

4. (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් සිටිය යුතු වන්නේ වන අතරල එම ජනාධිපතිවරයා ජනරජයේ ප්‍රධානියා වන නමුත් විධායකයේ ප්‍රධානියා සහ රජයේ ප්‍රධානියා නොවන්නේය. එසේ ම ඔහු සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.

      (2) ජනරජයේ ජනාධිපතිවරයා බහුතර ඡන්දය මගින් හෝල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සියලු පළාත් සභාවන්හි අමාත්‍ය මන්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත ඡන්ද පාසල (electoral college) මගින් ඒකමතිකව තෝරා පත් කර ගත යුතු වන අතරල පස් අවුරුදු ධූර කාලයක් සඳහා එම ධූරය දරනු ලබන්නේ ය.

      (3) පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පහත සඳහන් පාර්ශ්වයන් වෙතින් ජනාධිපති ධූරය සඳහා වන නාමයෝජනා කැඳවනු ලැබිය හැක්කේ ය.

            (අ)       ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින්ල අවම වශයෙන් පළාත් තුනක්  නියෝජනය වන පරිදි පුරවැසියන්ගේ අත්සන් දහසක් සහිතව අපේක්ෂකයෙකු නම් කිරීම සහ එහිදී නාමයෝජනාව සහතික කරනු ලබන පුරවැසියන්ගෙන් සියයට 30ක ප්‍රතිශතයක්  සිංහල බෞද්ධ නොවන පුරවැසියන් වීම සහතික කිරීමග

            (ආ)      වෘත්තිකයන්ගේ සංවිධානල වෘත්තිය සමිති හෝ සිවිල් සමාජ  සංවිධාන විසින් ස්වකීය සාමාජිකත්වයෙන් සාමාජිකයන් 500 ක ප්‍රමාණයක් විසින් නාමයෝජනාව සහතික කිරීමක් සහිතව අපේක්ෂකයෙකු නම් කිරීමට කටයුතු කිරීම සහ

            (ඇ)      පළාත් සභාවක තුනෙන් දෙකක බහුතරයක් මගින් සහතික කරනු ලබන අපේක්ෂකයකු  එම පළාත් සභාව විසින් නාමයෝජනා කිරීම.

               (4) දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ‍ධූරයට තෝරා පත් කර ගනු ලැබීමට නාමයෝජනා කිරීමට සුදුස්සෙක් නොවන්නේයග

      (5) (අ)  ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, ජනාධිපතිවරයාගේ වගකීම විය යුත්තේ ය.

         (6) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශිතව පවරා ඇති හෝ නියම කර ඇති බලතල වලට සහ කාර්යයන්ට අමතරවල ජනාධිපතිවරයා ‍හට,

            (අ)       පාර්ලිමේන්තුවේ එක් එක් සභාවාරය ආරම්භයෙහි පාර්ලිමේන්තුවේදීල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ ය.

            (ආ)      පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වල මුලසුන දැරීමට බලය ඇත්තේය.

            (ඇ)      අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත පාර්ලිමේන්තුව කැඳවීමටල වාර අවසාන කිරීමට සහ විසුරුවීමට බලය ඇත්තේය.

            (ඈ)      තානාපතිවරයන්, මහකොමසාරිස්වරුන්ල පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් රාජතාන්ත්‍රික නියෝජිතයන් පිලිගැනීමට බලය ඇත්තේ ය.

            (ඉ)       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කරනු ලබන සහ නම් කරනු ලබන ආකාරයට නීති වෘත්තිය තුළ විශිෂ්ඨත්වයට ළඟා වී ඇති සහ ස්වකීය කල්ක්‍රියාව සහ වෘත්තීයමය අවංකභාවය පිලිබඳ ඉතා ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන ඇති නීතිවේදීන් ජනාධිපති නීතිඥවරුන් වශයෙන් පත් කිරීමට බලය ඇත්තේ ය.

                        මේ දක්වා රාජ නීතීඥවරුන් විසින් භුක්ති විඳිනු ලැබූ එවන් සියලු වරප්‍රසාද භුක්ති විඳීම සඳහා වන හිමිකම මෙම වගන්තිය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතිඥවරයෙකු ම සතු වන්නේය.

            (ඊ)       අමාත්‍ය මන්ඩලයේ උපදෙස් මත යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේය.

        (7) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී ඇති බලතලල වගකීම් සහ කාර්යයන් නිසි ආකාරයට ඉටු කිරීමල ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත වගකිව යුතු වන්නේ ය.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මෙපරිද්දෙන් අවලංගු කරනු ලැබේ.

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඪෂෂඅ පරිච්ඡේදය මේ ආකාරයට  අවලංගු වන අතර ඒ වෙනුවට පහත පරිච්ඡේදය යොදනු ලබන්නේය :-

විධායකය පිළිබඳ පරිච්ඡේදය - අමාත්‍ය මණ්ඩලය 

(1)        ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය.

(2)        අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේය.

(3)        අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 20ක් නොඉක්මවිය යුතු අතරල නියෝජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 20 නොඉක්මවිය යුතුය.

එසේම රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන් වශයෙන් වෙනත් අමාත්‍යවරුන් නොසිටිය යුත්තේය.

(4)        අමාත්‍ය මණ්ඩලයේ මූලාසනය රැ ප්‍රධානත්වය දැරිය යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් ය.

(5)        පාර්ලිමේන්තුවේ කිසියම් මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය උපරිමයෙන් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරනු ලබන්නේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රිවරයාල  අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු අතරල අවශ්‍ය වන්නේ නම් ඒ බව පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් මගින් සනාථ කරනු ලැබිය යුත්තේය.

(6)        ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා අමාත්‍ය මන්ඩලය සඳහා අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් පත් කරනු ලැබිය හැකි වන අතර එවන් අමාත්‍යාංශ සඳහා වන විෂයයන් සහ කාර්යභාරයන්ද පවරනු ලැබිය හැක්කේය.

(7)        ව්‍යවස්ථාව (7) යටතේ පත් කරනු ලබන සෑම අමාත්‍යවරයෙක්ම අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින්නේය.

(8)        අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයෙකු වෙත පවරා ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාල යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ යම්කිසි ලිඛිත නීතියකින් පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තා වූ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ ගැසට් පත්‍රයේ පලකරනු ලබන නිවේදනයක් මගින් ඒ අමාත්‍යවරයා විසින් ස්වකීය නියෝජ්‍ය අමාත්‍යවරයාට පවරා දිය හැක්කේයග එකී අමාත්‍යවරයාට ඒ බලය හෝ ඒ කාර්යය පැවරෙන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වී තිබුණද මේ අනු ව්‍යවස්ථාව යටතේ එකී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබූ යම් කිසි බලයක් හෝ කාර්යයක් ඔහු විසින් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල වන්නේ ය.

(9)        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කාලයක් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද, අග්‍රාමාත්‍යවරයාද ඒ තාක් කල් ස්වකීය ධූරය අඛණ්ඩවම දරනු ලබන්නේ වන අතර, පහත තත්ත්වයක් ඇති වන්නේ නම් පමණක් එය එසේ නොවන්නේය

            (අ)       ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස් වුවහොත්ත හෝ අග්‍රාමාත්‍ය තනතුරෙන්  ඉවත් වනු ලැබුවහොත්

            (ආ)      තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු නොවුවහොත්

(10)      පහතින් දක්වා ඇති තත්ත්වයක් මතු වුවහොත් හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේදල ඒ තාක් කල්  ස්වකීය ධූරය දැරීමට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හැකියාව ඇත්තේය.

            (අ)       අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ  ස්වකිය ධූරයෙන් ඉවත් කරනු ලැබුවහොත්,

            (ආ)      ස්වකීය අත්සන යටතේ අග්‍රාමාත්‍යවරයා වෙත යවනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වුවහොත් හෝ

            (ඇ)      තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවහොත්

(11)      පාර්ලිමේන්තුව  විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විටදල නව පාර්ලිමේන්තුවක් පත්කරගනු ලැබීමක් සහ දිවුරුම් දීම සිදුවන තෙක් භාරකාර අමාත්‍ය මණ්ඩලයක් වශයෙන් දිගටම ක්‍රියාකළ යුතු අතරල මහ මැතිවරණය කෙරෙහි අනිසි බලපෑමක් කිසි විටෙකත් සිදු නොකළ යුත්තේය.

(12)      පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර කාල වකවානුව තුළ අග්‍රාමාත්‍යවරයා මිය ගියේ වුවදල ධූරයෙන් ඉවත් කරනු ලැබූයේ වුවදල  අස්වූයේ වුවදල භාරකාර අමාත්‍ය මණ්ඩලය අනිකුත් අමාත්‍යවරයන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසාන වන තෙක් ක්‍රියා කරන්නේ යග තවදල අග්‍රාමාත්‍යවරයාගේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරයන් අතරින් යම් අමාත්‍යවරයෙකු භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබිය හැක්කේය.

(13)      පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු  මිය යාම, ධූරයෙන් ඉවත් කරනු ලැබීම හෝ ඉල්ලා අස්වීම සිදු වූ විට ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීමට හෝ ඒ අමාත්‍යවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට හා ඉටු කිරීමට වෙනත් කවර හෝ  ‍අමාත්‍යවරයෙකු ජනාධිපතිවරයා විසින්ල  අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත  පත් කරනු ලැබිය හැක්කේ ය.

(14)      පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර  කාලය තුළ හැර, මරණයට පත්වීම මගින්,  ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා  අස්වීමෙන් හෝ අන් ආකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට එතැන් සිට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

(15)      පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය  හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කලහොත් එවිටද,  ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කලහොත් එවිටද, අමාත්‍ය මන්ඩලය විසිරෙන්නේය. එසේම එහිදී ජනාධිපතිවරයා විසින්  ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස අග්‍රාමාත්‍යවරයාගේ අදහස්ද විමසමින්, අග්‍රාමාත්‍යවරයෙකුද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත් කරනු ලැබිය යුත්තේ ය.

(16)      අමාත්‍ය මන්ඩලයේ යම් කිසි අමාත්‍යවරයෙකුට හෝ කිසියම් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට  හෝ සිය ධූරයේ කාර්යභාරයන් ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවකදී, අග්‍රාමාත්‍යවරයාගේද අදහස් විමසා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍ය මන්ඩලයේ අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ  හෝ ධූරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

(17)      අමාත්‍ය මණ්ඩලයට ලේකම්වරයෙක් වන්නේ  ය:

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව මගින් එම ලේකම්වරයා පත් කරනු ලබන්නේය.

(අ)       ලේකම්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිවිධානයන්ට යටත්වල අමාත්‍ය මණ්ඩල කාර්යාලය  භාරව කටයුතු කරනු ලබන අතරල රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හෝ අමාත්‍ය මණ්ඩලය මගින් තමන් වෙත පවරනු ලබන  වෙනත් කිසියම් කර්තව්‍යය හෝ කාර්යය හෝ වේ නම්, ඒවා ඉටු කිරීමත් ලේකම්වරයා විසින් කරනු ලබන්නේය.

(ආ)      අග්‍රාමාත්‍යවරයා සඳහා ලේකම්වරයෙක්ද,   සියලු අමාත්‍යාංශ සදහා ලේකම්වරුන්ද  සිටිය යුතු වන අතර, එම ලේකම්වරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය යුත්තේ ය.

(ඇ)      අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ස්වකීය අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන ද ස්වකීය අමාත්‍යවරයාගේ විධානයට සහ පාලනයට යටත්ව අධීක්ෂණය කිරීම සහ මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ය.

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

(1)        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්  පැවතිය යුතු වන අතර (මෙම පරිච්ඡේදයේදී සභාව‘ යනුවෙන් හඳුන්වනු ලබන)  එය පහත සඳහන් සාමාජිකයන් 11 දෙනාගෙන් සමන්විත විය යුත්තේය :–

            (අ)       කථානායකවරයා

            (ආ)      පාර්ලිමේන්තු   මන්ත්‍රීවරුන් නොවනල අග්‍රාමාත්‍යවරයාගේ සහ  පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ ස්වාධීන නාමිකයන් දෙදෙනෙකු

            (ඇ)      ස්වකීය පොදු (ප්‍රසිද්ධ) ජීවිතය හෝ වෘත්තියමය ජීවිතය තුළ කැපී  පෙනෙන තත්ත්වයට පත් වූල ප්‍රවීණත්වය සහ අවංකභාවය අත් පත් කර ගත්ල එසේම කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරනු නොලබන,  කාන්තාවන් තිදෙනෙකු ඇතුලුව සිවිල් සමාජ නාමිකයන් අතරින් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන  පුද්ගලයන් පස් දෙනෙකු

            (ඈ)      සිවිල් සමාජ නාමිකයන් අතරින් දෙමළල මුස්ලිම් සහ උඩරට දෙමළ ප්‍රජාව නියෝජනය වන පරිදි පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නොදරන එසේමල ස්වකීය පොදු (ප්‍රසිද්ධ) හෝ වෘත්තියමය ජීවිතය තුළ කැපී පෙනෙන තත්ත්වයට පත් වූ විශිෂ්ඨත්වය සහ අවංකභාවය අත්පත් කරගත් ස්වාධීන පුද්ගලයන් තිදෙනෙකු

(2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුත්තේය.

(3) පත් කිරීම් සඳහා නාම යෝජනා සිදු කිරීමට අවස්ථාවක් මතු වන ඕනෑම තැනකදී (1)  ඡේදයේ උප වගන්ති (ඇ)  හෝ උප වගන්ති (ඈ) යටතේ එවන් නාමයෝජනා කිරිම්  සිදු කරනු ලබන බවට  සහතික කිරීම කථානායකවරයාගේ වගකීම විය යුත්තේය

(4) එවන් ලිඛිත සන්නිවේදනයක් සිදුවී දින 14ක් ඇතුලත ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පත්කිරීම් සිදු කරනු ලැබිය යුත්තේය. එකී දින 14ක කාලසීමාව තුළ අවශ්‍ය පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා අසමත් වන අවස්ථාවකදීල නම් කරනු ලබන පුද්ගලයන් එලෙස දින 14 ක් ඉකුත් වනු ලබන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි සභාවේ සාමාජිකයන් වශයෙන් පත් කරනු ලැබ ඇති බවට සැලකිය යුත්තේය.

(5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අවස්ථාවකදීල නව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගනු ලබන තෙක් කථානායකවරයා අඛණ්ඩව සභාවේ සාමාජිකයෙකු වශයෙන් තනතුර දරනු ලබන්නේය.

(ආ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කරනු ලැබ තිබියදීත්ල එවන් විසුරුවා හැරීමකින් අනතුරුව මහ මැතිවරණයක් පවත්වනු ලබන කාලසීමාව දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එපරිද්දෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ලබන්නේය. 1 ඡේදයේ උප වගන්ති  (ආ), (ඇ) සහ (ඈ) යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේය.

(6) ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මගින් ස්වකීය තනතුරෙන් වේලාසන ඉල්ලා  අස්වීම,  කිසියම් සාමාජිකයෙකු ශාරීරිකව හෝ මානසිකව දුබලතාවයකට පත් වී සිටින විට තවදුරටත් අදාල ධූරයේ කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තුව මගින් අදාල ධූරයෙන් ඉවත් කරනු ලැබීම හෝ  කිසියම් දුරාචාරයක් පිලිබඳ වරදක් හේතු කොට ගෙන කිසියම් නීති අධිකරණයක් මගින් නඩු පවරනු ලැබීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන් පරිදි ඔහු හෝ ඇය සම්බන්ධයෙන් ආබාධිතතාවයට පත් වීම පිළිබඳ යෝජනාවක් සම්මත වීම  හෝ ස්වකීය ධූරය හැර දමනු ලැබ ඇතැයි අවබෝධ වීමක් හෝ සිදු වන අවස්ථාවකදී හැර සභාව සඳහා පත් කරනු ලබන සෑම සාමාජිකයෙකුම පත් කරනු ලබන දිනයේ සිට වසර 3ක කාලසීමාවක් සඳහා ස්වකීය ධූරය හොබවනු ලබන්නේය.

(7) පළමු වන පරිච්ඡේදයේ උප වගන්ති (ආ), (ඇ) හෝ (ඈ) යටතේ පත්කරනු ලබන සාමාජිකයකු  එම තනතුරේ ධූර කාලයන් දෙකක් හෙබවීමෙන් අනතුරුව නැවත පත් කරගනු ලැබීම සඳහා සුදුසුකම් නොලබන්නේය.

(අ)       සභාවේ විශේෂ නිර්දේශයක් මත හැරුණු විටල මෙම වගන්තියේ උප‍ලේඛනය තුළ විශේෂයෙන් දක්වා ඇතිල විශේෂයෙන් සඳහන් කරනු ලබන කවර හෝ කොමිෂන් සභාවක සභාපතිවරයෙකු හෝ සාමාජිකයෙකු වශයෙන් කිසිදු පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනු නොලබන්නේය.

(ආ)      මෙම ව්‍යවස්ථාවේ පළමුවන වගන්තිය තුළ දක්වා ඇති විධිවිධානයන්ල එවන් කවර හෝ කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කිරීමට පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අදාල විය යුත්තේය.

(8) මෙම ව්‍යවස්ථාවේ උපලේඛනය තුළ සඳහන් කරනු ලබන සියලුම කොමිෂන් සභා  පාර්ලිමේන්තුව වෙත වගකීමට සහ උත්තර දීමට බැඳී සිටිය යුතු වන්නේ ය.

උපලේඛනය

(අ)       මැතිවරණ කොමිෂන් සභාව

(ආ)      රාජ්‍ය සේවා කොමිෂන් සභාව

(ඇ)      ජාතික පොලිස් කොමිෂන් සභාව

(ඈ)      විගණන සේවා කොමිෂන් සභාව

(ඉ)       ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

(ඊ)       අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව

(උ)       මුදල් කොමිෂන් සභාව

(ඌ)     සීමා නිර්ණය කොමිෂන් සභාව

(එ)       ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

(ඒ)       රාජ්‍ය මාධ්‍ය නියාමන කොමිෂන් සභාව

(ඔ)       මධ්‍යම පරිසර අධිකාරිය

(ඕ)       වෙරළ සංරක්ෂණ අධිකාරිය

(ක)      ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

41ඇ. (1)  මෙම ව්‍යවස්ථාවේ උප ලේඛනය තුල විශේෂයෙන් දක්වා ඇති ධූරයන් සඳහා කිසියම් පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සභාවේ අනුමැතිය ලබා දී තිබුණේ නම් හැර ජනාධිපතිවරයා විසින් එවන් ධූර සඳහා කිසිදු පුද්ගලයෙකු පත් කරනු නොලබන්නේය.

            (2)  මෙම ව්‍යවස්ථාවේ උප ලේඛනය තුළ විශේෂයෙන් දක්වා ඇති කවර හෝ ධූරයක් සඳහාල දින 14ක් ඉක්මවන කාල පරිච්ඡේදයක් වෙනුවෙන් ක්‍රියා කිරීමට පත් කරනු ලබන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථාවේ පළමුවන ඡේදයේ ඇති විධිවිධාන අදාල වන්නේය.

              එසේම මෙ‍හිදී වැඩ බලන පත් කිරීම් සිදු කිරීම සභාව මගින් අනුමත කරනු ලැබ තිබෙන්නේ නම්  හැර දින 14 ‍නොඉක්මවන අනුක්‍රමික කාලසීමාවන් සඳහා එවන් කවර හෝ ධූරයක වැඩ බැලීම සඳහා කිසිදු පුද්ගලයෙකු පත් කරනු නොලැබීමට යටත් විය යුතුය.

            (3)   ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන ස්වකීය කාරණාවන් ඉටු කිරීමේදී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබා ගත යුත්තේය.

උපලේඛනය - 1 කොටස

(අ)       අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්

(ආ)      අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන්

(ඇ)      අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්

 II කොටස

(අ)       නීතිපතිවරයා

(ආ)      විගණකාධිපතිවරයා

(ඇ)      පොලිස්පතිවරයා

(ඈ)      පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා :ඔම්බුඩ්ස්මන්වරයා*

(ඉ)       පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා

41ඉ (1) මෙම පරිච්ඡේදයේ විධිවිධාන යටතේ හෝ අන් කිසි නීතියක් යටතේ සභාව වෙත පැවරී තිබෙන කාර්යභාරයන් ඉටු කිරීම සඳහා අවම වශයෙන් සෑම මසකටම දෙවරක් හෝ අවශ්‍ය පරිදි එයට වැඩි වාර ගණනක් සභාව රැස්විය හැක්කේයග එවන් රැස්වීම් සභාවේ සභාපතිවරයාගේ නියෝගය මත සභාවේ මහලේකම්වරයා විසින් කැඳවනු ලැබිය හැක්කේය.

(2) සභාවේ සියලු රැස්වීම්වල මූලාසනය දරනු ලබන්නේ සභාපතිවරයා විසින් වන අතරල සභාපතිවරයා නොමැති අවස්ථාවකදී සභාවේ රැස්වීම් වල මූලාසනය දරනු ලබන්නේ බහුතර සම්මතියක් සහිතව යෝජනා කොට සම්මත කරගනු ලබන සාමාජිකයෙකු විසිනි.

(3) සභාවේ ඕනෑම රැස්වීමක ගණපූරණය සාමාජිකයන් 5ක් විය යුත්තේය,

(4) සභාව විසින්  සිදු කළ යුතු වන සෑම නිර්දේශයක්  හෝ අනුමැතියක් සිදු කිරීමේදී හෝ තීරණයක් ගැනීමේදීල ඒකමතික තීරණයක් ඔස්සේ කටයුතු කිරීමට සභාව වගබලා ගත යුතු වන අතරල එවන් ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවලදී එවන් රැස්වීමකට පැමිණ සිටින සභාවේ සාමාජිකයන් 7කට නොඅඩු ප්‍රමාණයක් විසින් තහවුරු කරනු ලබනුයේ නම් හැර සභාව විසින් සිදු කරනු ලබන කවර හෝ නිර්දේශයක්ල අනුමැතියක් හෝ තීරණයක් වලංගුභාවයට පත් නොවන්නේය,

(5) අපමතික සාමාජිකයන් විසින් කිසියම් ගැටළුවක් පිලිබඳ ස්වකීය අවිනිශ්චිතතාවයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්ල සභාපතිවරයා වශයෙන් කථානායකවරයා විසින් ඒවා සභාගත කිරීමත්, අවශ්‍ය වේ.

(6) සභාපතිවරයා හෝ මූලාසනය දරනු ලබන සාමාජිකයා හට ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික අවස්ථාවක් හිමි නොවන නමුත්ල සභාවේ කිසියම් රැස්වීමක තීරණය කළ යුතු කිසියම් ප්‍රශ්නගත අවස්ථාවකදී ඡන්ද ප්‍රමාණය සම වීමක් සිදු වන අවස්ථාවකදී සභාපතිවරයාට හෝ එවන් රැස්වීමක මූලාසනය දරන සාමාජිකයා හට තීරක ඡන්දයක් ලබා දීමේ අවස්ථාව හිමි වන්නේය.

(7) සභාවේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව සභාවේ අනුගාමී රැස්වීම් තුනක් සඳහා නොපැමිණෙනු ලබන කිසියම් සාමාජිකයෙකු එම තුන්වන රැස්වීම් දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ස්වකීය ධූරය අත් හැර දමා  ඇති බවට සලකනු ලබන්නේය.

(8) සභාව පූර්ණ වශයෙන් සංයුක්ත වී නැති වීම හෝ එහි සාමාජිකත්වය තුළ කිසියම් පුරප්පාඩුවක් පැවතීම යන කාරණා එසේ තිබියදී ක්‍රියාත්මක වීම සඳහා වන බලතල සභාව සතු වන්නේයග

41ඊ. සභාවේ සාමාජිකයන්ගේ හෝ 41(ආ) ව්‍යවස්ථාවේ උප ලේඛනය තුළ විශේෂයෙන් දක්වා ඇති  කවර හෝ කොමිෂන් සභාවක සාමාජිකයන්ගේ ධූර කාලය ඉකුත් වීමකදීල සභාවේ හෝ එවන් වෙනත් කොමිෂන් සභාවක නව සාමාජිකයන් විසින් නව තනතුරු භාර ගැනිම සිදු වන තෙක් සභාවේ හෝ එවන් අනෙකුත් කොමිෂන් සභාවක සාමාජිකයන් ස්වකීය ධූරවල තවදුරටත් කටයුතු කරනු ලබන්නේය.

41උ. (1) සභාව විසින්ල සෑම තෙමසකට වරක්ම ඉකුත් වු තෙමස අතරතුර තමන් විසින් සිදු කරන ලද කාර්යයන් පිලිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේය.

41ඌ. සභාව විසින් සිදු කරනු ලබන වියදම් ඒකාබද්ධ අරමුදලින් අය කරනු ලබන්නේය.

41එ. 126 වන ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත්ව කවර පදනමක් මතල හෝ කවර හෝ ආකාර‍යකින් සභාවේ බලතල සහ වගකීම් කිසිවක්  සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් කටයුතු කිරීමට, විභාග කිරීමටල තීරණය කිරීමට   හෝ ඒවාට විරුද්ධ වීමට කිසිදු බලතලයක් හෝ අධිකරණ බලයක් කිසිදු අධිකරණයක් වෙත නොවන්නේ යග එසේම, එපරිද්දෙන්ම සභාව විසින් ගනු ලබන කිසියම් තීරණයක් සභාවෙන් සිදු කරන කිසියම් අනුමැතිය ලබා දීමක් හෝ නිර්දේශයක් සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම වන්නේ යග එහිදී අදාල තීරණය, අනුමැතිය හෝ නිර්දේශය අවසාන තීරණය හෝ නිර්දේශය වන අතර, එය සියලු කාර්යයන් වලදී නිගමනාත්මක වන්නේය.

1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සඳහා ද සමාන්තර සංශෝධන පහත ආකාරයෙන් සිදුවිය යුත්තේය.

1.         කිසියම් අපේක්ෂකයෙකුගේ සහ ඔහුගේ  රැ ඇයගේ  පවුලේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍ර සමගින් කවර හෝ නියෝජිත මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සහ ඒ වහාම එම ප්‍රකාශන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය කිරීම.

2.         නියෝජිත මණ්ඩලයක සාමාජිකයෙකු වශයෙන් සාර්ථකව තේරී පත් වනු ලබන්නේ නම්ල ඉහත ප්‍රකාශන සෑම වසරකම ජනවාරි මාසය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් කඩිනමින් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම.

3.         සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය සේවය තුළ ඒ හා සමාන සහ සමාන්තර තනතුරු දරන සියලුම නිලධාරීන් විසින් තමන්ගේ සහ තම පවුල් වලට අදාල වත්කම් සහ බැරකම් ප්‍රකාශ සෑම වසරකම ජනවාරි මසදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වහාම ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය කිරීම.

එසේ ම, පාර්ලිමේන්තුල පළාත් සභා සහ පළාත් පාලන ආයතන ව්‍යුහයන්ගේ මැතිවරණ වලට අදාල සියලු පනත් සහ නීති සම්බන්ධයෙන් පහත පරිදි සංශෝධන හඳුන්වා දිය යුත්තේ ය.

01.       සියලු පිලිගත් දේශපාලන පක්ෂ විසින් ස්වකීය වාර්ෂික ආදායම එයට අදාල සියලු නිසි දායකත්ව මූලාශ්‍ර ද සමගින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමත්ල ඒ වහාම මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමත් අනිවාර්ය කිරීමට.

02.       මැතිවරණ වලදී තරඟ කරනු ලබන සියලු පිළිගත් දේශපාලන පක්ෂල ස්වාධීන කණ්ඩායම් සහ පෞද්ගලික අපේක්ෂකයන් විසින් ස්වකීය ඡන්ද අරමුදල  සඳහා දායක වන සියලු මූලාශ්‍ර වල තොරතුරු ද සමගින් ස්වකීය ඡන්ද අරමුදල  මැතිවරණ දිනයට සතියකට ප්‍රථම ප්‍රකාශයට පත් කිරීමත්, ඒ වහාම මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමත් අනිවාර්ය ‍කිරීමට,

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය -  ඇන්ටන් මාකස්           

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය - ලෙස්ලි දේවේන්‍ද්‍ර      

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය - සෙල්ලයියා පලනි නාදන්    

ජාතික සේවක සංගමය - සුරංග නාවුල්ලගේ     

ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය - පාලිත අතුකෝරාල   

ලංකා වතු සේවක සංගමය - රොබට් ප්‍රැන්සිස්   

ලංකා ජාතික වතු කම්කරු සංගමය - එස්.පී. විජයකුමාර්

ලංකා වෘත්තීය සමිති සම්මේලනය - චමින්ද පෙරේරා    

එක්සත් කම්කරු සම්මේලනය - එස්. අමරසිංහ 

ලංකා කම්කරු සම්මේලනය - එච්.ඒ. පියදාස