දුම්රිය අදත් අවලංගුයි

දුම්රිය අදත් අවලංගුයි

දුම්රිය වර්ජන ක්‍රියා මාර්ගය අතහැර දැමුවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට විරෝධය පළ කරමින් අදත් (7) දුම්රිය ගණනාවක් අවලංගු කිරිමට දුම්රිය වෘත්තීය සමිති කටයුතු කරමින් පවතින බව දුම්රිය නගාසිටුවිම සදහා වු වෘත්තීය සමිති එකමුතුවේ, කැඳවුම්කරු, ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.

මෙම ඉන්ධන අර්බුදය දුම්රිය සාමාන්‍යාධිකාරි හිතාමතාම නිර්මාණය කරන ලද්දක් බවත්, රටේ සාමාන්‍ය ජනතාව මෙන් ඉන්ධන ලබාගනිමින් හැකි අයුරින් දුම්රිය සේවය පවත්වා ගෙන යන ලද දුම්රිය සේවකයින් පසෙකලා තම හිතවතුන් කිහිප දෙනෙකුගේ පුද්ගලික වාහන සදහා, ප්‍රවාහන ලේකම්වරයාගේ අනුමැතියක් නොමැතිව දුම්රිය බඩු ගබඩා ඉන්ධන පිරව්ම් හලෙන් ඉන්ධන නිකුත් කිරීමත් සමග සියළු දුම්රිය සේවකයින් තම පුද්ගලික වාහන සදහා ඉන්ධන ඉල්ලා සිටිමින් දුම්රිය සාමාන්‍යාධිකාරි වරයාට විරෝධය පල කිරීමට කටයුතු කරන ලද බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.