ලබන සතියේ නව ජනාධිපතිවරයෙක්

ලබන සතියේ නව ජනාධිපතිවරයෙක්

හෙට දින (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම ඉදිරි සතියේ සිදුකරන බව පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ලබන (15) දින නාම යෝජනා කැඳවීමටත් ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කැඳවා ඡන්ද විමසීමකින් නව ජනාධිපතිවරයා පත්කර ගැනීම නිමිතය.