තුට්ටු දෙකට හූරකන්න - ළමා ශ්‍රමය විකුණකන්න

තුට්ටු දෙකට හූරකන්න - ළමා ශ්‍රමය විකුණකන්න

පාසල් දරුවන් තාවකාළික රැකියාවලට කැඳවීම, ආයතන තුළ රැකවරණ, ප්‍රවාහන ගැටලු හා සාමාජීය ගැටලු නොවිසඳා කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීම පිළිබඳව  2022. 08. 20 දින නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට, කම්කරු අරගල මධ්‍යස්ථානය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය හා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය  විසින් සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයේ සටන් පාඨ.

ජනතාවනි එකතු වෙන්න

සටන් බිමට රොද බඳින්න

දෙන්න එපා එක මොහොතක්

නිස්කාරණෙ අපතෙ යන්න

මෙන්න බොලේ ආණ්ඩුවක්

නල්ලමලේ ආණ්ඩුවක්

ජනතාවගෙ අනුමැතියක්

අහලක නැති ආණ්ඩුවක්

ජනාධිපති ෆේක් ෆේක්

ඇමති රොත්ත ජෝක් ජෝක්

රට වනසන කඳ පණුවෝ

බෙදනව ලොරි ටෝක් ටෝක්

අපෙ ජීවිත හැඩිකරේ

මේ පාලක හැතිකරේ

ලැජ්ජ නැතිව තව ගහනවා

නවලිබරල් පුස් බෙරේ

පොදු දේපල විකුණ කෑවා

ණය උගුලක පටලැවෙව්වා

පාලක රැල අපෙ ජීවිත

හිඳෙනකම්ම උලාකෑවා

උඹලගෙ මිල සූත්තරේ

හෙන ගෙඩිමයි පාත්කරේ

ගහන ගහන හැම හෙනේම

දුප්පතාගෙ පාත්තරේ

බඩුමිල යයි අහස උඩින්

අපෙ පඩිපත තාම ලෙඩින්

එකම තැනක පල් වෙනවා

ඒකට මිල සූත්‍ර නතින්

දැන් හදනව පොඩි එවුන්ට

වහල් තොණ්ඩු ගැටගහන්න

මුන්හදන්නෙ අපේ ශ්‍රමය

තුට්ටු දෙකට බස්සවන්න

ඉගෙනගන්න නැති කෙරුවා

පාසල් ටික හප කෙරුවා

ජීවන බර යකඩ පොල්ල

පොඩි එවුන්ට වින කෙරුවා

බඩගින්නට කන්න නැතිව

ඉන්ධන ටික ගන්න නැතිව

ඉස්කෝලෙත් අතහැරුනා

වෙන කරන්න දෙයක් නැතිව

පොඩි එවුන්ට පාසලකින්

ඉගෙනගන්න දෙන්නෙ නැතිව

මුන් හදන්නෙ උන්ට කියල

බැල මෙහෙවර කරවගන්න

තුට්ටු දෙකට හූරකන්න

ළමා ශ්‍රමය විකුණකන්න

මේ නරි රැල මේ හදන්නෙ

පැටව් ටිකත් මරන් කන්න

ඒ මදිවට රෑ සේවෙට

කාන්තාවො ගේනවාලු

රැකවරණෙයි ප්‍රවාහනෙයි

කුණු මුල්ලට දානවාලු

බස් රථයක කෝච්චියක

මහ දවාලෙ යන්නත් බෑ

රෑ සේවෙට කැඳෙව්වාට

ගැටලුවලට විසඳුම් නෑ

ජීවිත ගැන තඹ සතයක

වගකීමක් ගන්නවාද

පාලකයනි කාන්තාවො

මග මැරුමත් අයිතියක්ද

ආර්ථිකේ අතීසාරෙ

අමුඬ ගහල වහන්න යයි

දරුවන්ටයි ගැහැණියටයි

අලුත් නීති ඒකට එයි

කාන්තාව සතු අයිතිය

මෙහෙමද තොපි සුරකින්නේ

ආණ්ඩුවේ නොපනත්කම්

කොහොමද තව ඉවසන්නේ

ගනිව් ගනිව් අකුළ ගනිව්

ගොබ්බ නීති අකුළ ගනිව්

අපෙ ජීවිත වෙනුවෙන් අපි

හැප්පෙන්නට එනව බොලව්

කම්කරු අරගල මධ්‍යස්ථානය / පෞද්ගලික සේවක මධ්‍යස්ථානය / නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය