ඔන්ලයින් අධ්‍යාපනයත් අනතුරේ!

ඔන්ලයින් අධ්‍යාපනයත් අනතුරේ!
විදුලිබිල සහ දුරකථන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
 
 බදු ඉහළ දැමීමත් සමඟ දුරකථන සේවා ගාස්තු සියයට 23කින් හෝ සියයට 24කින් ඉහළ යා හැකි බව  කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් හෙළසිරි රණතුංග සඳහන් කර තිබිණි.
 

කෙසේ වෙතත් මේ හරහා අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම දෙමාපියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.