රෝහල්වල ආසාධිත අපද්‍රව්‍ය ගොඩ ගැසෙන ළකුණු

රෝහල්වල ආසාධිත අපද්‍රව්‍ය ගොඩ ගැසෙන ළකුණු

රෝගීන්ගේ අසාධිත අපද්‍රව්‍ය ඉවත් කිරීම පෞද්ගලික අංශයේ සමාගමකට පවරා ඇති අතර, ආසාධිත අපද්‍රව්‍ය කිලෝවක් ඉවත් කිරීම සදහා රුපියල් සියයක පමණ මුදලක් ගෙවණු ලැබේ.

මෙම මුදල තීරණය කර ඇත්‍තේ 2017 වර්ෂයේ වන අතර, එවකට ඩීසල් ලීටරයක් රුපියල් 85ක පමණ මුදලකට ලබා ගත හැකිව තිබුණි. විදුලිය ජලය ආදී සියළු යෙදවුම් මිල වැඩිවී ඇති බැවින්, එකගවූ මිල වැඩිකර දෙන ලෙස අදාල සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අතරම මෙම ක්‍රියාවලියට අවශ්‍ය ඩීසල් සැපයුමද විදිමත්ව නොලැබී යෑම සහ සමාගමට ගෙවීමට ඇති හිග මුදල හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගණනාවක ආසාධිත අපද්‍රවය ගොඩ ගැසෙන තත්වයකට පත්ව තිබේ.

මේ පිළිබවද මෙතෙක් විසදුමක් ලබා දී නොමැති බැවින් හා, අපද්‍රව්‍ය බැහර කිරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය කර ඇති තත්වයක් හමුවේ,  රෝහල් මට්ටමින් එම අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම හැරුණුකොට, වෙනත් කිසිදු විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

අසාධිත අපද්‍රව්‍ය ගොඩ ගසා ගැනීම සහ එම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා, පරපෝෂිත ආසාදනය, පෙනහළු ආසාදනය, බැක්ටීරියා මෙනින්ජයිටිස්, එච්අයිවී, හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී, දිලීර ආසාදන සහ බැක්ටීරියා (රුධිර ප්‍රවාහයේ බැක්ටීරියා) වැනි රෝග තත්වයන් ඇතිවිය හැකි අතර, අනවශ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදු විය හැක.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය