ඔබ දැනුවත්ද ? - අංශභාගයෙන් වසරකට හාරදාහක් මිය යනවා

ඔබ දැනුවත්ද ? - අංශභාගයෙන් වසරකට හාරදාහක් මිය යනවා

“ආඝාතය හෙවත් අංශභාගය නිසා වසරකට  ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 60,000 ක් (හැටදහසක්) රෝහල් ගත කරන අතර ඉන් 4000 ක් මියයාම අවාසනාවන්ත තත්වයක්.

ප්‍රධාන හේතුව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීමයි.

ආඝාතය හෙවත් අංශභාගය නිසා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 60,000 ක් (හැටදහසක්) රෝහල් ගත කරන අතර ඉන් 4000 (හාරදහසක්) ක් මියයාම අවාසනාවන්ත තත්වයක්.ප්‍රධාන හේතුව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත නොපැමිණීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවැත්වෙන  මාධ්‍ය හමුවකදීය.

ආඝාතය හේතුවෙන් රෝහල් ගත කරන්නන්ට ලබා දිය යුතු යම් යම් අත්‍යවශ්‍ය ඖෂධ පසුගිය කෙටි කාල සීමාවකදී,  රෝහල් වල නොතිබුනු බවත් මේ වන විට එම තත්වය නිවැරදි වී ඇති බවත් ජාතික ආඝාත සංගමයේ සභාපති  ,ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා මෙහිදී අනාවරණ කලේය

ආඝාතයට ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනය බැවින් අවම වශයෙන්  වසරකට දෙවතාවක් වත් රුධිර පීඩනය මැන ගැනීමට ආසන්නතම රෝහලට හෝ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය ට ගොස් අවශ්‍ය කටයුතු ඉටු කර ගන්නා මෙන් මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය ඉල්ලා සිටියාය .