පළපුරුදු - දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑමේ අවදානමක්

පළපුරුදු - දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑමේ අවදානමක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති.

වෛද්‍යවරු සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දක්‍ෂ සහ පළපුරුදු වෘත්තිකයන් දහස් ගණනක් පසුගිය කාලයේ රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රටේ වඩාත් වැඳගත් ආර්ථික සහ පරිපාලන කටයුතු බිඳ වැටීමේ අවධානමක් ඇති බව ද එම ප්‍රධානීහූ කියති.

පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑමත් සමඟ දෙවැනි පෙළ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීමට සිදුවන බවත් එවිට ඵලදායිතාවයේ පහත වැටෙනු ඇති බවත් ආයතන ප්‍රධානිහූ වැඩි දුරටත් සඳහන් කරති. 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image