ටිනර්, ටර්පන්ටයින් හා දැව ආරක්ෂන පිලිබඳ තාක්ෂනික පුහුණු වැඩසටහනක්

ටිනර්, ටර්පන්ටයින් හා දැව ආරක්ෂන පිලිබඳ තාක්ෂනික පුහුණු වැඩසටහනක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් කර්මාන්තයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන හෝ දැනට කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් සඳහා තාක්ෂණික හුවමාරු වැඩසටහන් ආරම්භ කර ඇත.

ඒ යටතේ දැව ආශ්‍රිත කර්මාන්ත සඳහා විශාල වශයෙන් භාවිතා වන තිනර් , ටර්පන්ටයින් හා දැව ආරක්ෂණ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික හුවමාරු වැඩසටහනක් 2022 දෙසැම්බර් 16 වෙනිදා පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ  තාක්ෂණික සේවා අංශයේදී පැවැත්වේ.

එහිදී නිෂ්පාදන තාක්ෂණය, නිෂ්පාදන ක්‍රමවේද, ඇසුරුම්කරණය ඇතුලු සියලුම නිෂ්පාදන ක්‍රමවේද පුහුණු කරනු ලැබේ.

මේ වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබ අදහස් කරන්නේනම් ඒ පිළිබඳ තොරතුරු 0112815009  හෝ 0112605278 , හෝ 1995 යන අංකයන්ට  කතා කර ලබා ගත හැක.