තැපැලේ වර්ජනයක්

තැපැලේ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (11) සවස 4.00 සිට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන  වැඩ වර්ජනය හෙට (12) දින දක්වා ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත් හා සේවක වරප්‍රසාද කප්පාදුව යන කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටියේය.