මේ මොහොතේ අතිකාල දීමනා වැඩිකිරීමට නොහැකියි

මේ මොහොතේ අතිකාල දීමනා වැඩිකිරීමට නොහැකියි

විෂයය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් තමාට වුවද රජයේ වැටුප් හා අතිකාල දීමනා පටිපාටියෙන් ඔබ්බට හා එයට විරුද්ධව ක්‍රියා කරන්නට කිසිදු හැකියාවක් නොමැති බවත්, තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් වර්ජනය කළ ද ආර්ථිකව අවපාතයට පත්වී ඇති මේ මොහොතේ අතිකාල දීමනා වැඩිකිරිමට කිසිසේත් නොහැකි බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුව සංඛේත වැඩවර්ජනයකට එළැඹීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(12) පැවති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමට වඩා වැටුප් හා අතිකාල දීමනා සම්බන්ධයෙන් රජය වැයකරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව බිලියන 05ක් පමණ මහජන බදුමුදලින් ලබා දීමට රජය ක්‍රියාකරන බවත්, තවදුරටත් මුදල් වැයකිරීම සිදුකළ නොහැකි බවත්, බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.