මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අපි ඉඩ තියන්නේ නෑ

මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අපි ඉඩ තියන්නේ නෑ
  • ලීසිං මාෆියාව ජනතාවගේ මුදල් වංචා කරලා - කලු සල්ලි එළියට ගන්න නම් පන්දාහ කොලේ තහනම් කරන්න.

වාහන අත්පත් කරගන්න බැහැ කියලා නියෝගයක් පොලිස්පතිවරයා විසින් ලබා දීලා තියෙනවා. වාහන සීසර්ලා කිහිපදෙනකුම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ණය ගෙවන එක වගකීමක් තමයි. මහ බැංකුවත් වගකියන්න ඕනේ මේ  බැංකු නොවන මූල්‍ය සමාගම් කල බරපතල කොල්ලකෑම සම්බන්ධව. විශේෂයෙන්ම මොනොටෝරියම් සම්බන්ධව. ඒ අනුව ලීසිං මාෆියාව ජනතාවගේ මුදල් වංචා කරලා තියෙනවා. ලීසිං ආයතන ඒ අයගේ වාරික දරන්න බැරි ආකාරයෙන් වැඩිපුර මුදල් ගත්තා. ඒ නිසා අද ණය ගෙවා ගන්න බෑ. වාරික වලට MONOTORIUM දීලා උගුලක වැට්ටුවා. මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න බෑ. බැංකුවලට මැර කණ්ඩායම් දාගෙන වාහන අත්පත් කරගන්නවා. අපි මේ දින ටිකේම අධිකරණෙට ගෙනිච්චා වාහන උස්සපු ලීසිං මැරයෝ .

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා (15) දින පැවැත්වූ මාධ්‍ය අනාවරණයෙදී මෙසේ අදහස් දක්වන ලදී.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, කලු සල්ලී හොයාගන්න පුලුවන් රුපියල් 5000 කොලේ තහනම් කලොත්. මුදල් ඇමතිට අපි කියනවා කළු සල්ලි එළියට ගන්න පුළුවන් කියල. අපි දැන් වාහන උස්සපු අයට එරෙහිව නඩු පනහකට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ අය අධිකරණයේදී වරද පිළි අරගෙන තියෙන්නේ. සීසර්ලටත්, ආයතනවලටත් එරෙහිව අපි නඩු දානවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මෙහිදී, ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ නීති උපදේශක නීතිඥ සඳරුවන් සේනානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

මෙම ආයතන ණය වාරික වැඩි කරලා ජනතාව කබලෙන් ලිපට වැටුණා. වාහන අත්පත් කරගන්න පොලිසිය සමග ක්‍රමවේද තියනවා. නමුත් බලහත්කාරයෙන් අත්පත් කරගන්න බැහැ. ප්‍රතිරෝධයක් තිබුනොත් වාහන අත්පත් කරගන්න බෑ. සමහර ස්ථානවල වාහන වල තිබුණුබඩුත් එක්ක වාහන පැහැරගෙන ගිහින් තියනවා. පොල්තෙල් සමග වාහනයක් සහ ඇඳුම් සමග වාහනයක් අරන් ගිහින් තිබුණා. ඒවට එරෙහිව දැන් නඩු දාල තියෙන්නෙ. ඒ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරද පිළිඅරගෙන තියෙනවා.