ගෘහ සේවක අයිතිවාසිකම් උදෙසා සටන් කල ධෛර්යවන්ත ගැහැණිය දිවි ගමන නිමකරයි

ගෘහ සේවක අයිතිවාසිකම් උදෙසා සටන් කල ධෛර්යවන්ත ගැහැණිය දිවි ගමන නිමකරයි

සහෝදර සහෝදරියනි, ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනයේ සභාපති Myrtle Witbooi සහෝදරිය ඊයේ මෙලොවින් සමුගත්තා. දරුණු පිළිකා රෝගයකින් පෙළුණු ඇය තම වේදනාත්ම සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ පවා ගෘහ සේවක අයිතිවාසිකම් උදෙසා සටන් කරන ලද ධෛර්‍යවන්ත ගැහැණියක්. තම දිවි අවසන් වන තුරුම තමාගේ සහ තමා නියෝජනය කරන මිලියන ගණනක් වූ ගෘහස්ථ කම්කරුවන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා.

පුංචි අභියෝගයන්හි පවා පසුබසින, අරමුණු අත් හරින සමාජ ක්‍රියාකාරීන්ට ඇය ආදර්ශයක් වනු නිසැකයි. ගෘහස්ථ කම්කරුවන් යහපත් රැකියා කොන්දේසි සහිත සමාජ ජීවිතයක් සහ මීට වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වූ ඇගේ බලාපොරොත්තු අප විසින් දිනා ගත යුතුව ඇත.

ඉතින් සහෝදර සහෝදරියනි, ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනයේ අනුබද්ධ වෘත්තීය සමුතියක් ලෙස සහ ගෘහස්ත කම්කරුවන් සඳහා යහපත් ජීවිතයක් වෙනුවෙන් සටන් කරන වෘත්තීය සමිතියක් ලෙස අපි මේ සටන්කාමී නායිකාවගේ නික්ම යාමට අපගේ ආචාරය! සාතිශය සංවේගය පළකරමු! අත් නොහැර සටන් වදිමු!

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය