මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන වෘත්තීය සමිති නායකයින් පුහුණුවක (Photo)

මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන වෘත්තීය සමිති නායකයින් පුහුණුවක (Photo)

එළඹෙන මැතිවරණය වඩාත් අන්තර්කරණයෙන් යුත් විනිවිද භාවයෙන් සහ වගකීමෙන් යුතු මැතිවරණ ක්‍රියාවලීන් ආරක්‍ෂා කර ගැනීමේ තීරණාත්මක අවශ්‍යතාව පෙන්නුම් කරයි.

මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනම (IFES) මැතිවරණ ක්‍රියාවලීන්හි කාන්තාවන්, තරුණයින් සහ අනෙකුත් ඌන නියෝජනය සහිත කණ්ඩායම්වල භූමිකාව සහ ප්‍රවේශය වැඩි කිරීමට ක්‍රියා කරන අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලි සඳහා ඡන්ද දායකයින්ගේ ප්‍රවේශය පුළුල් කිරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට සක්‍රීයව සහාය වේ.

මැතිවරණ කාලය තුළ පොදු දේපළ පරිහරණය නිරීක්ෂණය කිරීමේදී වෘත්තීය සමිති වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සිවිල් අධ්‍යාපනය සඳහා වන සිවිල් සමාජ එකමුතුව - ප්‍රජාතන්ත්‍රවාදී සහ අන්තර්කරණයෙන් යුත් මැතිවරණ සන්ධානය (CODIE) ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ප්‍රධානීන් දැනුවත් කිරීමට සහ පාර්ශ්වකරුවන් අතර මනා සම්බන්ධයක් ගොඩනැරගීමේ අරමුණින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පවත්වන ලදි.

ඒ සඳහා රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සමිති නියෝජිතයින් සහ මැතිවරණ නිරික්ෂණ සංවිධාන මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

 ‘මැතිවරණ සමයේදී මැතිවරණ නීති සහ විධිවිධාන’ පිළිබඳව, බස්නහිර පළාතේ හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්නාර මහතා, මංජුල ගජනායක (විධායක අධ්‍යක්ෂ IRES සහ කැඳවුම්කරු CODI), සන්කිතා ගුණරත්න (නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ TISL), දයා හේරත් (ජාතික සම්බන්ධීකාරක MDL), නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි (විධායක අධ්‍යක්ෂ PAFFREL), නීතිඥ හරේන්ද්‍ර බානගල (නීති උපදේශක CaFFE), මනාස් මාකීන් (විධායක අධ්‍යක්ෂ CaFFE), හා නීතිඥ ඩී. එම්. දිසානායක (ජාතික සංවිධායක CMEV) යන මහත්ම මහත්මීන් මෙම පුහුණු සැසියේදී තම අදහස් දක්වන ලදි.