විදුලි කප්පාදුවකට අවසර නෑ - මහජන උපයෝගිතා කොමිසම

විදුලි කප්පාදුවකට අවසර නෑ - මහජන උපයෝගිතා කොමිසම

අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වෙන ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ සිදු කරන කිසිදු විදුලිය කප්පාදු කිරීමකට සිය කොමිසම අනුමැතිය ලබා දී නොමැති නිසා අනවසර විදුලි කප්පාදුවක් සිදුකරනුයේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම මහජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව 077 56 87 387 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවඩයක් ලෙස හෝ 0112 39 26 41 යන දුරකතන අංකයට හෝ Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser. යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝතා කොමිසම දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරමින් දැනුම්දීමට කටයුතු කර ඇත.