රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පණිවිඩයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පණිවිඩයක්

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 පැවත්වා ගුරු පුරුප්පාඩු පිරවීමට නියමිතය.

උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2023.01.27 දින රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.02.10 වේ. මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු වේ.