ජනපති වරාය, ගුවන් තොටුපළ, ප්‍රවාහන අතිවිශේෂ කරයි

ජනපති වරාය, ගුවන් තොටුපළ, ප්‍රවාහන අතිවිශේෂ කරයි

වරාය, ගුවන් තොටුපළ, සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම පොදු ප්‍රවාහන සේවා බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ද ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා ඇත.