කාන්තාවන්ගේ ආරක්ෂාවට හා සවිබලගැන්වීමට  පනත් දෙකකට කැබිනට් අනුමැතිය

කාන්තාවන්ගේ ආරක්ෂාවට හා සවිබලගැන්වීමට  පනත් දෙකකට කැබිනට් අනුමැතිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා දෙක සඳහා 2023. 02. 27 දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

එම සැකෙවින් මෙසේය.

1 යෝජනාව

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පවතින අසමතුලිතතාවන් අවම කරමින් කාන්තාවන් සවිබලගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස 2022 09 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ප්‍රධාන තේමා ක්ෂේත්‍ර 08ක් යටතේ “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” සකස් කරනු ලැබ තිබේ. එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2 යෝජනාව

කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟින් 2000 වර්ෂයේදී කාන්තාව, සාමය හා ආරක්ෂාව නමින් යෝජනා සම්මතයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය නොවූ රටවල් රැසක් මෙම සම්මතය ක්‍රියාවට නැංවීම පිණිස ජාතික ක්‍රියාකාරී සැලසුම් හඳුන්වා දී ඇත. ඒ අනුව, සියලු පාර්ශ්වල දායකත්වය සහ එකඟතාවයෙන් යුතුව කෙටුම්පත් කරනු ලැබ ඇති “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2023-2027” ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.