ලාභ ලබන ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් කොටස් විකිණීමට අනුමැතිය

ලාභ ලබන ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් කොටස් විකිණීමට අනුමැතිය

දැනට ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.