තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යවයි

තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යවයි

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර ඇති බව ලංකා ඛනිජතෙල් සංස්ථාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෘත්තීය සමිති නායකයින්ට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප වනු ඇත. .

අනෙක් සියලු ම නිලධාරීන් සේවයට වාර්තා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සහ අනෙකුත් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අදාළ නිවේදනය මගින් දැනුම් දෙන බව ද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

වර්ජනය නිසා ඇණහිට තිබූ තෙල් බෙදාහැරීම පොලීසිය හා හමුදාවේ ආරක්ෂාව යටතේ තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.